අයියව නළුවෙක් කල මල්ලිගේ මියුසික් වීඩියෝව

රෝහිත රාජපක්ෂගෙ අළුත්ම ගිත වීඩියොවට අලුත් නළුවෙක් එකතුවෙලා. කවුරුත් දන්න කෙනෙක් වුනත් ඒ අලුත් නළුවා නළු රූපයෙන් කවුරුවත් දැකලා නැහැ. ඒ තමයි රෝහිත රාජපක්ෂගේ වැඩිමහල් අයියා නාමල් රාජපක්ෂ මන්තීතුමා. නාමල් මන්ත්‍රී තුමාව නළුවෙක් කරපු හොද ප්‍රතිචාර ලබමින් ජනප්‍රිය වෙන රෝහිත රාජපක්ෂගෙ අළුත් ගිත වීඩියොව ගැන නාමල් මන්ත්‍රී තුමා කිව්වේ මේ වගේ කතාවක්.

♦ මන්ත්‍රීතුමාට නළු වරම ලැබුනේ අහම්බයකින් කියලයි ආරංචිය?

අහම්බයක් වගේ තමයි. රොහිත මල්ලි ඔය වීඩියෝ එකේ වැඩවලට නුවරඑළියේ ගියපු දවස්වල අපේ අම්මා තංගල්ලෙ හිටියේ. තාත්තා ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා මම ගියා එයාගෙ උදව්වට. ඒ ගිහින් ඉන්න කොට හැමෝම කිව්වා මටත් වීඩියෝ එකේ රඟපාන්න කියලා. මුලින් අකමැති උනත් පස්සේ මටත් හිතුනා අලුත් දෙයක්නේ කරලා බලන්න ඕන කියලා.

♦රඟපෑමක් කරනවා කියලා දැන දැන කැමරාවක් ඉදිරියේ ලබමු මුල්ම අත්දැකීම කොයි වගේද?

මෙච්චර කාලෙකට මාව කැමරා කරලා තිබුනට කැමරාවක් ඉස්සරහට මම රඟපානවා කියලා හිතලා ගිහින් නැහැනේ. ඒ නිසා අළුත්ම අත්දැකීමක්. හැබැයි කරන්න තිබුණු දේ අමාරු දෙයක් නොවුනු නිසා මම හිතනවා මට රඟපාන්න තිබුණු ටික මම හොදට කලා කියලා.

♦වීඩියෝ එක දැක්කට පස්සෙ මොකද හිතුනේ?

මගේ මුල්ම රඟපෑම හොඳයි කියලා නම් හිතුනා . අනික මෙච්චර කල් දෙශපාලකයෙක්, ක්‍රීඩකයෙක්, සමාජ සෙවකයෙක් විදිහට හැමෝම දැනගෙන හිටපු මාව අලුත් විදිහකට මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් වුනා කියලා හිතනවා.

♦අයියලා මල්ලිලාගේ යාලුකම් ඇත්ත ජිවිතයෙදිත් ඔය වගේමද?

මමයි මල්ලිලා දෙන්නයි විතරක් නෙවෙයි, අම්මා තාත්තා අපි ඔක්කොම ඉන්නේ යාලුවෝ වගේ. දේශපානය නොගෑවුන ලස්සන පවුලක් අපිට තිබෙනවා. මම මේ කරපු රඟපෑම වුණත් අමාරු නොවුනේ අපි අතරේ තියෙන යාලුකම නිසා.

අළුතෙන් දෙයක් හිතලා කරන්න තිබුනෙ නැහැනේ. අපි ගෙදර ඉන්නෙත් ඔය විදියටම තමයි.

♦මල්ලිගේ ආදර කතාවලටත් අයියා ඇත්තටම උදව් කරනවාද?

මල්ලිලාට උදව් ඕන කරන හැම වෙලාවෙම මම එයාලට උදව් කරනවා. හැබැයි ගෑනු ළමයින්ගේ දේවල් නම් මට ඇවිල්ලා කියන්නේ ඔය විදිහටම අමාරුවේ වැටුන වෙලාවට තමයි පුළුවන් කමක් තියෙනවා නම් ඒ දේවල්වලටත් උදව් කරනවා.

♦කලාව පැත්තෙන් යමක් කරන්න ඕන කියලා අදහසක් කවදාක හරි හිතේ තිබුණාද?

එහෙම අදහසක් තිබුණාම කියන්න අමාරුයි. හැබැයි කලාව අපේ ගෙදරට අළුත් දෙයක් නෙවෙයි. තාත්තා වුනත් දෙතුන් වතාවක් රඟපාලා තියෙනවානේ. අපි හැදුණු පරිසරය දේශපාලනය වැඩිපුර කිට්ටු වුනාට කලාවෙන්, ක්‍රිඩාවෙන් ඈත්වුන පරිසරයක් නෙවෙයි.

♦රඟපෑම් දැකලා අම්මා, තාත්තා මොනවද කිව්වේ?

විශේෂ දෙයක් කිව්වේ නෑ. නරකක් කිව්වෙත් නෑ. කවදාවත් ඒ දෙන්නා අපිව කිසිම දේකට කොටු කරලා නැති නිසා අපි නිතරම ගියේ අපි කැමති පාරවල් වල. ඒ දෙන්නා අපේ පස්සෙන් ඉඳගෙන අපිව බලාගත්තා මිසක් අරක කරන්න, මේක කරන්න කියලා කිව්වේ නෑ. නිතරම අපි අලුත් වෙනස් දේවල් කරනවාට ඒ දෙන්නාම කැමතියි

♦දේශපාලනය ඇරුනම මේ දවස්වල කරන අනෙක් දෙවල්?

ක්‍රීඩාවලට , යෝගවලට වෙලාව වෙන් කරගෙන ඉන්නවා. පොත් කියවනවා. නීතිඥයෙක් විදියට වෘත්තීය කටයුතු කරගෙන යනවා.

♦පසුගිය කාලේ යෝග කරද්දි ගනිපු පින්තූර ගැනත් ගොඩාක් කතා කෙරුණා?

අපේ පුද්ගලික ජීවිතවල තියෙන්නේ දේශපාලනය නෙවෙයි. දේශපාලකයෝ විදියට අපි යම් තරමක් දුරට අපේ පුද්ගලිකත්වය කැප කරන්න ඕන බව් ඇත්ත. ඒත් තමන්, තමන් විදියට ජීවත් වෙන්න ඕන. තමන් නොවි ජීවත් උනාම ජීවිතේ අමාරුයි. එක එක්කෙනා එක එක විදිහට දැකපු, කතාබහ කරපු ඔය පින්තූර අපි, අපි විදිහට ගත කරන ජීවිතේ පින්තුර කවුරු මොනවා කිව්වත් අපි ජිවත් වෙන්න ඕන අපි ආස කරන විදියට.

♦තාත්තා හැරුණාම ජිවිතේට දැනුන තවත් දේශපාලන චරිත තියෙනවාද?

ලෝකයේ එදා සහ අද වෙනකල් සිදුවුණ දේශපාලන විප්ලවයන් ගැන දේශපාලන චරිත ගැන මම කියවලා තියෙනවා. ඒ අය අතුරෙන් හිතට දැනුන ගොඩක් චරිත තියෙනවා. නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි වගෙ අය ඒ අතරේ ඉන්නවා.

♦ගෙදර හැමෝම එකතුවුනු වෙලාවට දේශපාලනය තහනම් වචනයක්ද?
අපි පස් දෙනාම එකට වාඩිවෙලා ඉන්න ලැබෙන දවස් හරි අඩුයි. ඒ නිසා එහෙම දවස් පවුලක් විදියට ගත කරන්නයි අපි කැමති. මල්ලිලා දෙන්නයි, මමයි නම් නිතරම ක්‍රිඩාව නිසා එකට ඉන්නවා. පවුලක් විදියට අපි පස්දෙනා එකට ඉන්න එකට ආදරය කරන මිනිස්සු පිරිසක් තවම ඉන්නවා. ලෝකයේ දේශපාලන පවුල්වල මත ගැටුම් ඇතිවුනු කාලකයි අපේ තාත්තා අපේ පවුලේ තියෙන බැඳීම ලෝකෙට පෙන්නුවේ. ඒක ලෝකයට ආදර්ශයක් වුණු එක ගැනත් සතුටුයි.

♦සමහරු කියාවි නාමල් මන්ත්‍රි තුමා ජනප්‍රිය වෙන්න කාලෙන් කාලෙට එක එක දෙවල් කරනවා කියලා?
අපි දේශපාලනය කරන නිසා අපි කරන හැමදේම එක එක විදියට දකින්න එක එක්කෙනා පුරුදුවෙලා ඉන්නවා. මොන දේ කලත් කතාවක් හදන්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවානෙ . කවුරු මොනවා කිව්වත් තමන් කරන්නේ හරි දෙ නම් එච්චරයිනේ.

♦රඟපෑමට ආරධනා ලැබුනොත්?

ලැබෙන ආරධනාව අනුව සලකා බලන්න ඕන.

 

රෝහිත රාජපක්ෂත් අලුත්ම වීඩියෝව ගැන කලාවේ යන්න බලාපොරොත්තු වෙන ගමන ගැන කියන්න මේ විදියට කතා බහට එකතු වුනා.

♦මුල් ගීතයට හොඳ ප්‍රතිචාර ලබලා ලොකු කාලයක් ගතවෙන්න කලින් තවත් අලුත් ගීතයක් කරන්න හිතුවේ ඇයි?

මුල් සින්දුවට දැන මාස අටක් වෙනවා. මට හිතුනා ඒ කාල පරාසය ඇති කියලා. අනික එකම විදිහෙ වීඩියෝ එක්ක යන මේ රැල්ල වෙනස් කරන්න ඕන කියන දේ මගේ හිතේ තියනවා. ඒ නිසයි මම හිතුවේ අලුත් තේමාවක් එක්ක මගේ වීඩියෝ එක කරන්න.

♦අයියාවත් වීඩියෝ එකකට ගත්තේ ඉක්මනට ජනප්‍රිය කරගන්න හිතාගෙනද?

ඇත්තටම කිව්වොත් අයියව ගත්තේ බලෙන් වගේ. අයියව වීඩියෝ එකට ගන්න ඕන නිසා ඒ චරිතෙත් අලුතෙන්ම හැදුවා. බලෙන් ගත්තා කියලා පෙනුන නැති තරම් හොඳර නැචුරල් විදියට අයියත් රඟපෑවා.

♦අලුත් විදියට වීඩියෝ හදන්නේ ජනප්‍රිඅ වෙන්න ඕන නිසාද?

මගේ මුල් විඩියෝ එකටත් මම හිතපු නැති තරමේ ප්‍රතිචාර ලැබුණා. චාට් ෂෝ වල අංක එකට ආවාඅ. ඒ වීඩියෝ එක ජනප්‍රිය වුනේ නිරුවත පෙන්නලා නෙවෙයි. මගේ දෙවෙනි විඩියෝ එකෙනුත් මට ඕන වුනේ විඩියෝ එක ජනප්‍රිය කරවන්න නිරුවත් ඕන නැහැ කියලා පෙන්වන්න.

♦ඒ වුණත් රොහිතගේ වීඩියෝ එක ඉරාජ් ප්‍රඩක්ෂන් එකක් විදියටයි දකින්නේ
ඉරාජ් ප්‍රඩක්ෂන් හවුස් එකේ ප්‍රියංග තමයි විඩියෝ එක හැදුවේ. ඒත් මේක ඉරාජ්ගේ වීඩියෝ එකක් නෙවෙයි.

♦අයියව ගත්ත නිසා විඩියෝ එකට දේශපාලනය ගෑවුනා කියලා හිතෙන්නෙ නැද්ද?

මම අයියව වීඩියෝ එකට ගත්තේ අයියා විදියට විතරයි. ගෙදරදි එයාව මට පේන්නේඅයියා ව්දියට මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් විදියට නෙවෙයි. තාත්තා වුනත් එහෙමයි . අපේ ගේ ඇතුලේ දේශපාලනය නැහැ. අයියාව මගේ වීඩියෝ එකට ගත්ත එක දිහා වැරදි ඇහැකින් බැලුවොත් වැරදියට පෙනේවී. කලාව දිහා දේශපාලන ඇහෙන් බලන්න එපා කියලා විතරයි මට කියන්න තියෙන්නේ.

♦විඩියෝ කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද?
සල්ලි ගෙදරින් ඉල්ලන්න බැහැනේ. අනික ගොඩක් අය හිතාගෙන ඉන්නවා වගේ විඩියෝ ව්ලට වියදම් කරන්න තරම් ලොකු සල්ලියක් ගෙදරින් ඉල්ලගන්න මට බැහැනේ. ඒ නිසාම මම තමයි සල්ලි හොයා ගන්නේ. මට හම්බ වෙන සල්ලි. යාලුවන්ගේ සල්ලි ඔක්කොම එකතු කරලා තමයි මේ වැඩ කරන්නේ.

♦අලුත් වීඩියෝ එකට ටට්යානාව ගත්තේ නැත්තෙ ඇයි?

ටට්යානා කැමති වුනෙත් නැහැ. විඩියෝවල දිගටම ඉන්න. එයා විඩියෝ ඔක්කොම එක වගේ වෙයි කියලා. අළුත් මූණක් තිබුනම ලස්සනකුත් , වෙනසකුත් තියෙනවා. අනෙක අළුත් කෙනෙකුට අවස්ථාවක් ලැබෙන එකත් හොඳයිනේ.

♦රෝහිතගේ ඉගෙනීමේ වැඩවලට. ක්‍රීඩාවලට දැන් වෙලාව වෙන් කරන්නෙ අඩුවෙන්ද?

ආචාර්ය උපාධි දෙකක ඉගෙණිමේ වැඩ කරනවා තව ව්‍යාපාර පරිපාලන උපාධියකුත් කරනවා. අභ්‍යවකාශ විද්‍යාවට අදාළව මම දරපු උපදේශක තනතුරේ තමව වැඩ කරනවා. රග්බිත් සෙල්ලම් කරනවා. තව නිති උපාධියක් හදාරන්නත් බලාපොරොත්තුවක් තියනවා. ඒක මම කරන්නේ අයියලාගේ, තාත්තලාගේ වැඩ කටයුතුවලට උදව් කරන්න උදව් කරන්න මට පුළුවන් නිසා.

♦රෝහිතත් කවදා හරි දේශපාලනයට එවිද?

මම දේශපාලනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒත් මම අයියලාට තාත්තාට උදව් කරනවා.

ටට්යානාගෙන් රෝහිතගෙ වැඩ වලට ලැබෙන සහයෝගය කොයි වගේද?
මගෙ කලා වැඩ වලට නම් වැඩිපුරම සහයෝගය දෙන්නේ ටට්යානා . මාව බලෙන් වගේ අරගෙන ගිහින් සින්දු ප්‍රැක්ටිස් කරවන්නේ එයා. ලඟදි ෂෝ කීපයක්ම තියෙනවා. ඒවට යන්න මාව උනන්දු කරවන්නේ එයා.

♦ළඟදි විවාහ වෙන්න අදහසක් තියෙනවාද?

මුලින් අයියලා දෙන්නට අවස්ථාව දෙන්න ඕනනේ . අයියලා දෙන්නටම තවම එහෙම අදහසක් නෑ. ඒ නිසා මමත් දැන්ම විවාහ වෙන්නේ නැහැ.

-නෙලුෂා සිල්වා.
උපුටා ගැනීම රිවිර

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *