ඔබේ සුනඛ සුරතලාටත් චර්ම රෝග කරදර කරනවාද?

චර්ම රෝගයක් සහිත වෙනත් සතෙකුගේ ඇසුරක් නොමැතිව වුවද සුනඛ සුරතලෙකුට සමේ රෝග වැළඳෙන අවස්ථා තිබේ. වත්තෙන් එළියට යවන්නෙත් නැතිව තියා ගත්ත සතාට කොහොම මේ වගේ ලෙඩක් බෝවුනාද මන්දා යැයි එවිට ඔබ සිතනු ඇත.

එහෙත් ඒ ආකාරයට සමේ රෝගයකින් පෙළෙන වෙනත් සුනඛයෙකු හා ඇසුරු නොකරන සතෙකුට චර්ම රෝග වැළඳීම ඔබ නොසිතන ආකාර කිහිමයක් මඟින් සිදුවිය හැකිය. මුගටියන් උරුලෑවන්, උගුඩුවන් වැනි සතුන් අතරද චර්ම රෝග පවතින අවස්ථා තිබේ. එබඳු සතුන් විශේෂයෙන් රාත්‍රී කාලයේ නිවස අවට වටාපිටාවේ දුවපැන ඇවිදිමින් සැරි සරන්නට පුළුවන්. එඅව්නි චර්ම රෝග සහිත සතුන්ගේ සිරුරේ ඇති රෝග කාරක විෂබීජ ආදිය නිවස අවට වටාපිටාවේ තැන්පත් විය හැකිය. නිවසේ ජීවත්වන සුන්ඛ සුරතලාට චර්ම රෝග බෝවීම එ ආකාරයට පරිසරයට එකතු වුණ රෝග කාරකයන් මග්ඉන් සිදුවිය හැකිය.

එලෙසම යම් ඉදිකිරීමක් සඳහා වැලි ආදී ඉදිකිරීම් ද්‍රව්‍ය නිවසට රෑ එන අවස්ථා ඇත. ඒවා රැගෙන එන්නට පෙරාතුව ගොඩගසා තිබෙන විටදී ඉබාගාතේ යන නොයෙක් සතුන් එම වැලි ගොඩවල් වල ලැග සිටින්නට පුළුවන. රෝග කාරකයන් ඒ ආකාරයට වැලි වලට එකතු වීම සිදුවේ. එම වැලි මිලදී රැගෙන ගොස් ඉදිකිර් කරන්නට ගොඩ ගසා තිබෙන විටදී නිවසේ ජිවත්වන සතුන් එම වැලි ගොඩේ වැතිරීමත් සමඟ රෝගකාරක විෂබීජ මඟින් එම සතුන්ටද එවැනි රෝග වැළඳිය හැකිය.

සුනඛයෙකු තාප්ප ගේට්ටු යොදා පරිසරයක ඉතා සුරක්ෂිත ජීවත් වුවද නිවහනක් නැති සුනඛයන් ගේට්ටුව අසලින් ගමන් කරන අතර ගේට්ටුව යටින් ඉව අල්ලමින් නිවස තුළ ජීවත්වන සතා සමඟ ඇසුරක් පැවත්වීමට උත්සාහ කරන අවස්ථා තිබිය හැකිය. එබඳු හේතුවක් මඟින් වුවද සතෙකුට ඔබ නොසිතන ආකාරයට චර්ම රෝගයක් වැළඳිමට හැකියාව තිබේ.
එලෙසම නිවසේ ජීවත්වන බළල් සුරතලා අවට ඇවිදින්නට යන්නට පුරුදු වී සිටිනවාබම් එම බළල් සුරතලා මාර්ගයෙන්ද නිවස තුල ජිවත්වන සුනඛයාට චර්ම රෝග බොවිමට ඉඩකඩ තිබේ.

සමේ රෝග කාරකයට නිරාවරණය නොවුවද සතෙකුට චර්ම රෝගි තත්වයන් වැළඳෙන්නේ සමේ ප්‍රතිශක්තිකරණ හැකියාව දුර්වල වූ විටය. තරුණ නිරෝගි සතුන්ගේ සමේ ප්‍රතිශක්තිකරණ හැකියාව බොහෝවිට ඉතා හොද තත්වයන් පවතින නිසා චර්ම රෝග වැළඳීම අඩුය. එහෙත් එම සතුන් වයසට යෑමත් සමඟ මෙම හැකියාව බොහෝ දුර්වල වීම වයස්ගත සතුන් අත චර්ම රෝග වඩා ඉක්මනින් බෝවීමට හේතුවයි බාහිරව ලබා දෙන විටමින් වඟින් එලෙස හීන වන ප්‍රතිශක්තිකරණ හැකියාව නැවත වර්ධන කරවිය හැකිය. විශේෂයයෙන් ඔමේගා 3 සංඝටකය අඩංගු විටමින් වර්ග සතුන් චර්ම රෝගවලින් ආරක්ෂා කරයි.

උපදෙස් -දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ හිටපු පශු වෛද්‍ය ජගත් ජයසේකර – ලිව්වේ උත්පලා සුභාෂිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *