කුණුගොඩවල් නිසා තැවෙන ඔබට වටිනා උපදෙස් කිහිපයක්.

අද දවසේ ලංකාවේ අපි මුහුණ දෙන ඉතාම අර්බුදකාරි ප්‍රශ්ණයක් වුණ ඩෙංගු උවදුරට, පරිසරයට අප අපරීක්ෂාකාරිව සිදු කරන අපද්‍රව්‍ය බැහැර කිරීම්ද බලපාන බව ඔබත් මමත් හොඳාකාරවම දන්නවා.

ඔබේ නිවසේ එකතුවෙන කුණු/අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කරගන්න ඔබට බැරිවෙලාද? අපද්‍රව්‍ය නිසිලෙස කළමනාකරණය කිරීම ගැන ඔබ අවධාණය යොමු කළොත්, එය ඔබට හොඳින් කරන්න පුළුවන් වෙනවා. එය හොඳින් සැළසුම් කිරීම මඟින් ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන් වෙනවා වගේම පරිසරයට ඇතිවෙන හානිත් අවම කරගන්න හැකිවෙනවා. මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ ඔබේ නිවසේ එදිනෙදා එකතුවෙන අපද්‍රව්‍ය කොහොමද නිසි ආකාරයෙන් කළමනාකරණය කරන්නේ කියන එකයි. පියවරෙන් පියවර අපි මෙය තේරුම් ගමු.

බඩු ගේන්න ෂොපිං බෑග් පාවිච්චි කරන්න එපා

ප්ලාස්ටික් බෑග් වෙනුවට රෙදි බෑග් භාවිතා කරන්න. මෙසේ කිරීමෙන් ඔබට නිවසේ එකතුවෙන කුණු ප්‍රමාණය සැලකියයුතු ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. ඔබ වෙළඳසැලට යන විට ඔබේම රෙදි බෑග් එකක් අරගෙන යන්න. වෙළඳසැලෙන් දෙන පොලිතීන් හා ප්ලාස්ටික් බෑග් භාරගන්න එපා. නැවත භාවිතා කරන්න පුළුවන් බෑග් කීපයක් ගන්න. ඒවා ඔබට මතක්වෙන තැනක තියන්න. අපි හිතමු ඔබට රෙදි බෑගය වෙළඳසැලට ගිනියන්න අමතක වුණා කියලා. ඒත් ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අනවශ්‍ය ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් බෑග් බෑග් දෙක ගානේ භාවිතා කරන්න එපා. බෑග් කියන දේ අපිට නිතරම අවශ්‍ය වෙනවානේ. ඉතින්, තව රෙදි බෑග් එකක් ලෝභ නොවී වෙළඳසැලෙන් මිළදීගන්න. නිවසට අවශ්‍ය දෑ ගැනීමට යන හැම මොහොතකම රෙදි බෑග්ම ගෙනියන්න අමතක කරන්න එපා.

එකවර දින කීපයකට අවශ්‍ය දෑ මිලදී ගන්න

ආහාර මිළදී ගැනීමේදීත් වැඩිපුර අසුරණයන් ඇති ආහාර මගහරින්න. සමහර ආහාර පෙට්ටිවල දමා පොලිතීන් තුල තනි-තනියෙන් අසුරා තියෙනවා. ඔබ එවැනි ආහාර ගැනීම අවම කරන්න. ප්ලාස්ටික් අසුරණයන් ඇති ආහාර අවම කිරීම පරිසරයත් ආරක්ෂා වෙනවා. ආහාර මිළදී ගැනීමේදී එකවර දින කීපයකට සෑහෙන ප්‍රමාණයෙන් ගන්න. එම ආහාර පවත්වා ගැනීම සඳහා වීදුරු හෝ ප්ලස්ටික් භාජන නිවසේ තියාගන්න.

ප්ලාස්ටික් බෝතල් අඩු කිරීම

අත්‍යාවශ්‍යම අවස්තාවක ඇරෙන්න බෝතල් කර ඇති ජලය හා බීම වර්ග නිවසට ගේන්න එපා. ප්ලාස්ටික් බෝතල් ඔබේ නිවසේ එකතුවෙන කුණු කන්ද දෙගුන තෙගුන කරනවා. ටැප් වතුර පෙරාගත හැකි ආරක්ෂාකාරී ක්‍රමයක් ගැන හිතන්න. අපි හිතමු ඔබ දුර ගමනක් යනවා කියලා. එවැනි ගමනක් යන විටත් ඔබට ප්ලාස්ටික් බීම හා වතුර ගන්න අවශ්‍ය නෑනේ. ඇයි ඔබ නිවසේම පානයක් සකසාගන්නේ නැත්තේ? හරි, අපි හිතමු ඔබට පිටින් වතුර ගන්නම ඕනේ කියලා. ඉතින් පොඩි පොඩි ප්ලාස්ටික් බෝතල් ගන්නේ නැතිව ලොකු එක බෝතලයක් ගන්න.

කඩදාසිත් අවම කරන්න

ඔබ නිවසේ භාවිතා කරන කඩදාසි ප්‍රමාණයත් පාලනය කරන්න. ඔබේ නිවසේ පරිගණකයක් තියෙනවා නම්, කඩදාසි පාලනය කරන්න ඔබට පුළුවන්. ඔබට කිරීමට ඇති ගෙවීම් අන්තර්ජාලය හරහා කරන්න. නිවසට පත්තර ගන්නවා වෙනුවට අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති බැලීමට පුරුදු වෙන්න. ඔබට තැපෑල මඟින් ලැබෙන ලිපිත් අඩු කරගන්න උත්සාහ කරන්න. හැබැයි කඩාදාසි කියන්නේ දිරන දෙයක් නිසා ඉන් පරිසරයට නම් වැඩි හානියක් වෙන්නේ නෑ.

පාවිච්චි නොකරන දේවල් තව කෙනෙක්ට දෙන්න

ඔබ තවදුරටත් භාවිතා නොකරන දේවල් පරිත්‍යාග කරන්න. ඔබ අඳින්නේ නැති ඇඳුම්, හොඳ තත්වයේ ඇති ඔබ භාවිතා නොකරන ඉලෙක්ට්‍රොණික භාන්ඩ ඔබට පරිත්‍යාග කරන්න පුළුවන්. ඒවා කුණු ගොඩට දානවට වඩා නැතිබැරි කෙනෙකුට දීම උතුම් ක්‍රියාවක් නේද? ඔබේ පරණ ඇඳුම් රෙදි ප්‍රතිචක්‍රකරණය කරන ආයතනයකට දෙන්න. පරිගණක වැනි භාණ්ඩ පාසැල් වලට පවා පරිත්‍යාග කරන්න පුළුවන්. නැතිබැරි පවුලක් සොයා ඔබට අනවශ්‍ය නමුත් හොඳ තත්වයේ ඇති භාණ්ඩ ලබාදෙන්න

බහාලන නැවත නැවත භාවිතා කරන්න

කාලයක් භාවිතා කළ හැකි භාජන හා බහාලනයන් එක් වරක් භාවිතා කිරීමෙන් පසුව කුණු බක්කියට දාන්න එපා. ඒවා ඔබට නැවත නැවත භාවිතා කරන්න පුළුවන්නෙ. බෝතල්, කාඩ්බෝඩ් පෙට්ටි, සහ බෑග් ඔබ නැවත භාවිතා කරන්න. කඩදාසි වුණුත් ඔබට දෙපත්තම භාවිතා කරන්න පුළුවන්. රසායණික ද්‍රව්‍යය නොතිබුණු වීදුරු බෝතල් ඔබට ඉතිරි ආහාර දැමීමට භාවිතා කරන්න හැකියි. ඔව්, ඔබට ප්ලාස්ටික් භාජනත් නැවත ප්‍රයෝජනයට හන්න හැකි වුණත්, ඒවායේ ආහාර දැමීමේදී දෙපාරක් සිතිය යුතුයි. පල්ස්ටික් භාජන වලින් රසායණික ද්‍රව්‍යය පිටවෙන බව ඔබ අසා ඇතිනෙ?

කුණු දිරන සහ නොදිරන ලෙස වෙන් කරන්න

ඔබේ නගරයේ ප්‍රතිචක්‍රකරණ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න. ඔබ දන්නවනෙ, කුණු අපි වෙන්කරල තමයි කුණු රථයට භාරදෙන්න ඕනේ කියලා. දැන් මුලු ශ්‍රී ලංකාවේම ක්‍රියාත්මක වෙන නීතිය තමයි ඒ. පරිසරයේ ආරක්ෂාව ගැන සිතා ඔබ එම ප්‍රතිපත්තිය නිසි ලෙස අනුගමනය කරන්න. දිරණ හා නොදිරණ ද්‍රව්‍යය වෙන්කර කුණු රථයට භාරදෙන්න.

උපද්‍රව සහිත දෑ ප්‍රවේසමෙන් බැහැරකරන්න

අප නිවසේ නැවත වතාවක් භාවිතා කළ නොහැකි හා ප්‍රතිචක්‍රකරණය කළ නොහැකි දේවලුත් එකතු වෙනවනෙ. ඒවා බැහැර කිරීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. බැටරි, තීන්ත වර්ග, විද්‍යුත් භාණ්ඩ, හා විදුලි බුබුලු ඒවාට උදාහරණයි. පුළුවන් තරම් මේවා භාවිතය අඩුකරන්න.

කුණු, කොම්පෝස්ට් බවට පත්කිරීම ගැන ඔබත් අසා ඇතිනේ. නිවසෙන් බැහැර කෙරෙන ආහාර ද්‍රව්‍යය වලින් ඔබට හොඳ කොම්පෝස්ට් පොහොරක් හදාගන්න පුළුවන්. මේ පොහොර ඔබේ ගෙවත්තේ ඇති පැළ තාවාන ඉහල මට්ටමකට ඔසවා තබයි. ඔබ කොම්පෝස්ට් භාවිතා කරන්නේ නැතිනම්, වෙන කෙනෙක්ට පරිත්‍යාග කරන්න පුළුවන්නෙ. කොම්පෝස්ට් වර්ග ඔබට මස් හා කිරි අපද්‍රව්‍ය වලින් හා එළවළු හා පළතුරු අපද්‍රව්‍ය වලින් වෙන වෙනම හදාගන්න පුළුවන්. කොළ වර්ග (එළවළු පොතු, කෝපි කුඩු, තේ බෑග්, තණකොල හා ශාක කොටස් ඉක්මනින් දිරවන නිසා පහසුවෙන් කොම්පෝස්ට් හදාගන්න පුළුවන්.) කොළ අතු/දඬු, කඩදාසි, කාඩ්බෝඩ්, හා බිත්තර කටු භාවිතා කර දුඹුරු කොම්පෝස්ට් හදාගන්න.

1.කොම්පෝස්ට් පොහොර අඩවියක් නිර්මාණය කරන්න

හිරු එළිය හොඳින් වැටෙන හෝ තරමක් සෙවන වැටෙන කොටසක් ඔබේ ගෙවත්තෙන් තෝරගන්න. ඔබට වැඩි ඉඩ සහිත ගෙවත්තක් නැතිනම් කොන්ක්‍රීට් බිමක වුණත් මෙය කරන්න පුළුවන්. අපි බලමු කොපෝස්ට් ලේසියන් හදාගන්න ක්‍රම මොනවද කියලා.

2.ලේසිම විදිය තමයි කුණු ගොඩක් ගැසීම

ගෙවත්තේ ඔබ තෝරගත්ත තැනේ මේ කුණුගොඩ ගසන්න. හැබැයි ඔබේ නිවස ලඟින්ම නම් කුණුගොඩ ගහන්න එපා. මොකද, කුණුගොඩට මීයෝ හා කෘමි සතුන් ඇදෙන නිසා. ඔබට කොම්පෝස්ට් පෙට්ටියක් හදන්නත් පුළුවන්. ගෙවත්තේ ඇති ඉඩ ප්‍රමාණයට අනුව කොම්පෝස්ට් පෙට්ටිය හදන්න. ඒ දෙකටම ඔබ කැමති නැතිනම්, කොම්පෝස්ට් නිපදවන බක්කි ඔබට මිළදීගන්න පුළුවන්. ඔබට කැමති හැඩයෙන් හා ප්‍රමාණයන්ගෙන් ඒවා වෙළඳපොළේ තියෙනවා.

3.එක්කෝ සීතල නැතිනම් උණුසුම් කොම්පෝස්ට් ගොඩක් හදාගන්න ඔබට හැකියි

සිසිල් කොම්පෝස්ට් හදන්න හරි ලේසියි. උණුසුම් කොම්පෝස්ට් හැදීම නම් ටිකක් අමාරු කාර්යක්. හැබැයි සති 6-8ක් පමණ කෙටි කාළයකින් උණුසුම් කොම්පෝස්ට් හැදී භාවිතයට ගන්න පුළුවන් වෙනවා. අපි බලමුකො සිසිල් කොම්පෝස්ට් හදන්නේ කොහොමද කියලා. දුඹුරු හා කොළ අපද්‍රව්‍යව අඟල් කීපය බැගින් බක්කිය පිරෙන තුරුම දමන්න. බක්කිය පිරිණු පසුව එය කොම්පෝස්ට් වීම සඳහා තියලා තියන්න විතරයි ඕනේ. කාළය තමයි සිසිල් කොම්පෝස්ට් සැදීමේදී ඇති සෘණාත්මක පැත්ත. මුළු බක්කියේම ඇති කුණු කොම්පෝස්ට් වීම සඳහා වසරක් ගතවෙන්න පුළුවන්. හැබැයි බක්කිය යට එකතුවෙන ප්‍රමාණය ඔබට භාවිතයට ගන්න පුළුවන්.

4.දැන් අපි බලමු උණුසුම් කොම්පෝස්ට් හදාගන්නේ කොහොමද කියලා

කොළ හා දුඹුරු අපද්‍රව්‍ය බක්කිය පිරෙන තුරුම දමන්න. නැතිනම් ඔබට මේ කුණු ගොඩක් ගසන්නත් පුළුවන්. මෙහිදී උෂ්ණත්වය සෙල්ශියස් අංශක 55-65ත් අතර රඳා පවත්වාගන්න ඕනේ. නිතරම කුණු කන්ඳ ඔබට පෙරලන්න වෙනවා. දින 14-21 අතර මේ උණුසුම් කොම්පෝස්ට් ඔබේ භාවිතය සඳහා සැකසී අවසන්වෙනවා.

5.ඔබේ කොම්පෝස්ට් කන්ද ඉක්මනින් කුණුවී සෙවල ගතියක් ගන්නත් පුළුවන්.

එවිට ඔබට කරන්න දෙයක් තියෙනවා. ඒ, දුඹුරු අපද්‍රව්‍ය එයට එකතුකිරීමයි. කොම්පෝස්ට් කන්ඳ වියළි ස්භාවයක් ගනීනම්, කොළ අපද්‍රව්‍ය හෝ වතුර එකතුකරන්න. ඔබ වැඩි ආයාසයක් දරණ විට කොම්පෝස්ට් කන්ඳ ඉක්මනින්ම ඔබට භාවිතයට ගන්න පුළුවන් වෙනවා.

6.කොම්පෝස්ට් තද දුඹුරු හෝ කළු පැහැයට හැරී පස් සුවඳ හමන විට තමයි භාවිතයට සුදුසු වෙන්නේ

ඔබේ ගෙවත්තේ ඇති එළවළු හා මල්පැල සඳහා පොහොරක් වශයෙන් කොම්පෝස්ට් භාවිතා කරන්න. නැතිනම් ඔබේ ගෙවත්ත පුරා ඉහ තණකොළ සඳහා අමතර පෝෂණයක් ලබාදෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *