මුහුණු

ගඟේ මුහුණත්
මගේ මුහුණත්
බොහේ කලකින්
හමුවුණා

මගේ මුහුණට එබී බැලු ගඟ
ඇඟිලි තුඩකින් කසා තම හිස
මාව හඳුනා ගන්න ලකුණක්
හොයන බව මට වැටහුණා

සොඳුර ඔබ මා එකම වර මිස
වෙන වෙනම දැක පුරුදු නැති ගඟ
තවත් මොහොතක් බලාගෙන හිඳ
වංගුවක් ගෙන හැංගුණා

කවිපොත – මීළඟ මීවිත

කවියා – රුවන් බන්දුජීව

ගං දෑල හිඳ සෙමෙන් එබෙනෙමි ගලන දිය මතට.. එදා නිල් ජල තරඟ නගා හිනැහුණේ පෙමින් මුසපත් ඔබේ.. මගේ..  මුව දෙස බලා නොවෙද..? කාලය කෙතරම් නපුරු ද සොඳුරිය..!  මා මෙතන තනිව හිඳ හෙළනා සුසුම් නොදැනෙනා සේ නල රැළි ද මඟ හැර යයි.. හුදෙකලා මා දෙස විමතියෙන් බලා ගඟ ද නොහඳුනන විලසින් ඉවත හැරී ගලා යන්නේ මහද ඉතිරි වූ එකමෙක කඳුළ ද සොරා ගනිමිනි..!

සටහන – විජායී නාලිකා කරුණාතිලක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *