සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ…

එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන මේ ගීතය ගැන විවිධ මතිමතාන්හර තිබුනත් නිවැරදි තේරුම ගීතය ලියල තියෙන ලූෂන් බුලත්සිංහල මහතා පවසන විදිහට තනිකඩ මිනිසෙක්ගේ හැගීම් ගැන. නාරිලතා මල කියන්නේ නාරි දේහයේ හැඩය ගත් මල් වර්ගයක් බවයි පිළිගැනීම. තනිකඩ මිනිසෙක්ගේ පිළිවෙළක් නොමැති ජීවිතය සහ ස්ත්‍රියක පිලිබඳ ඇති බලාපොරොත්තු මෙම ගීතයෙන් කියවෙනවා.

“නාරිලතා මල් පිපෙන්නේ හිමාලයේ. ඒ මල හරියට නිරුවත් නාරි දේහයක් වගෙ කියලා කියනවා.
ඒ මල දැක්කම භාවනා කරන තාපසියන්ගෙ පවා සිල් බිඳෙනවලු. නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් උළුවස්සක කොස් ගෙඩි පල ගත්තයි කියල කතාවක් මම අහලා තියෙනවා. එයින් පේන්නේ ඒ දේවාලේ තියෙන අනුහස. ඉතින් තනිකඩ මිනිහෙක්ගෙ තනිකම් හිතක තියෙන හාස්කමට යට ලීයකින් නාරිලතා මල් පූදින්න බැරිද?
මෙම ගීතය ගැන අපූර්ව විවරණයක් වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදුකරනු ලැබ තිබිණි. ඒ මෙපරිදිය.
“සිරියහනේ ලණු ඉහිරි” ගීතය තනිකඩයකුගේ ගීතයක්. ලූෂන් විවාහකයකු වුණත් තනිකඩයකුටත් හිතාගන්න බැරි විදියට තනිකඩ දුක ඒ ගීතයට එකතු කරලා තිබෙනවා. ඒ තනිකඩයා දපලා ඉන්නේ දිරච්ච ලණු ඇඳක.
ස්ත්‍රිය අතපත නොගැවුණු බිත්තිවල මකුළු දැල් බැඳිලා. ගේ ඇතුළේ තියෙන්නේ කොච්චර පාළුවක්ද කියනව නම් සිරි සිරි ගාලා මකුළු දැල් සෙලවෙන සද්දෙ පවා කනට ඇහෙනවා. මෙහෙම වෙලාවක ඇඳේ ඉන්නකොට යට ලීයෙන් නාරිලතා මල් පූදිනවා. සමහර කසාද බැඳපු මිනිස්සු අහනවා කොහොමද නාරිලතා මල් පූදින්නේ කියලා. ඒත් තනිකඩයෙක් නම් කවදාක්වත් ඒ ප්‍රශ්නෙ අහන්නෙ නැහැ. අමතක කරන්න එපා. යට ලීයෙන් පූදිනවා කියන්නේ සපත්තු මලවත් සියඹලා මලවත් ඇපල් මලවත් නෙමෙයි. නාරිලතා පුෂ්පයයි.”

Image result for edwad jayakodi
ගායනය – එඩ්වඩ් ජයකොඩි

Image result for lushan bulathsinhala
පද රචනය – ලූෂන් බුලත්සිංහල
Image result for hm jayawardena
සංගීතය – H.M.ජයවර්ධන

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුළු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ…//


ස‍ඳෙන් සඳට මුවාවෙලා කල දවසක් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහු වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ…//

සිරියහනේ…

යහන තලා සැප විඳිනා පල දී නැතු‍වා පෙර පින්
මාල වළලු නොතින් අයට අප අමතක වෙලා ගිහින්
යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ…//

සිරියහනේ…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *