2017 වසරේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් මෙන්න…


බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය වැනි වාර්තාවන්ට  අනුව 2018 ජනවාරි මුල  වනවිට ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයා වාර්තාවට හිමිකම් කියන්නේ ජෙෆ් බෙසෝස් නමැති ව්‍යාපාරිකයායි. ඔහු අන් කවුරුත් නොව සුප්‍රකට ඔන්ලයින් වෙළෙඳ ව්‍යාපාරයක් වන ඇමසන්.කොම් ව්‍යාපාරය ආරම්භ කළ තැනැත්තාය.  ඔහු එහි සභාපතිවරයා ද වෙයි. ජෙෆ් බෙසොස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න බව පැවැසේ. (ශ්‍රී ලංකා රු. බිලියන 15,000ක් හෙවත් ට්‍රිලියන 15කට ආසන්න ප්‍රමාණයකි).

මෙම වාර්තාවට අනුව වඩාත්ම ධනවත් පුද්ගලයන් අතර 2 සිට 5 දක්වා ස්ථාන හිමි කරගෙන සිටින්නේ පිළිිවෙළින්

බිල් ගේට්ස්                         – ඇමෙරිකානු ඩොලර් බිලියන 92

වොරන් බෆෙට්                – ඇමෙරිකානු ඩොලර් බිලියන 85

 අමාන්සියෝ ඕටේගා   – ඇමෙරිකානු ඩොලර් බිලියන 76

මාක් සකර්බර්ග්             – ඇමෙරිකානු ඩොලර් බිලියන 75

 

 මෙම ධනවතුන් අතරින් බෙසෝස්, ගේට්ස්, බෆෙට්, සකර්බර්ග් යන සිව් දෙනාම ඇමෙරිකානු ජාතිකයන් වීමද විශේෂත්වයකි. අමාන්සියෝ ඔටේගා පමණක් ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරිකයෙකු වෙයි.

ලොව ධනවත්ම පුද්ගලයන් සම්බන්ධයෙන් කියැවෙන තවත් විශේෂ කාරණාවක් වන්නේ 2017 වසර තුළ ධනවත්ම පුද්ගලයන් 500 දෙනාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකින් වැඩි වී ඇති බවයි. මෙය ඩොලර් බිලියන දහසකට සමාන ප්‍රමාණයක් වන අතර ලෙහෙසිපහසු ගණනක් නොවන බවද සඳහන් කළ හැකි වෙයි. මේ බොහෝ දෙනෙකු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කරන අය වීමද තවත් විශේෂත්වයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *