Sachin (2017) සචින්: රටක සිහිනය…

ඉන්දියාවේ සුපිරි වීරයා, ලිට්ල් මාස්ටර්, මාස්ටර් බ්ලාස්ටර් යන නම් වලින් හඳුන්වනසචින් ටෙන්ඩුල්කර්ගේ ක්‍රිකට් ජීරිතය ඇසුරින් නිපදවුනු චිත්‍රපටිය.

1973 වසරෙ අප්‍රේල් 24 වෙනිදා බොම්බායේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක උපත ලද සචින් රමේශ් ටෙන්ඩුල්කර් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්බ කරන්නෙ වයස අවුරුදු 11දි. පසුව Ramakant Achrekar යටතේ පුහුනුව ලබන සචින් පාසල් ක්‍රිකට් තරග වලදීත් වාර්තා රැසක් පිහිටුවනවා.

ඔහු පලමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරන්නෙ 1989 අවුරුද්දෙ පාකිස්තානයට එරෙහිව ඔහුට වයස අවුරුදු 16දි. එතනින් ඇරඹෙන ක්‍රිකට් දිවිය ගැන තමයි මේ චිත්‍රපටිය පුරාවටම ගලාගෙන යන්නේ.

ටෙස්ට් ශතක 51 ක් සහ එක් දින ශතක 49 ක් ඇතුලුව ජාත්‍යන්තර ශතක 100 ක නොබිඳිය හැකි වාර්තාවට හිමිකම් කියන ලොව එකම පිතිකරුවා වන්නේ මේ සචින් ටෙන්ඩුල්කර්. ඒ වගේම එක් දින තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කල සහ ජාත්‍යන්තර තරග වලදී ලකුනු 30000 සීමාව පසු කල එකම ක්‍රීඩකයාද වෙනවා.

සචින් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා 1996 අවුරුද්දෙදි. එහෙත් ඔහු එතරම් සාර්තක වන්නේ නෑ. ඉන්පසු 2000 අවුරුද්දේ ඔහු නායකත්වයෙන් අයින් වෙනවා ඔහු වෙනුවට Sourav Ganguly නායකත්වය හොබවනවා. නැවත 2007 දි Rahul Dravid නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව, නැවත සචින්ට නායකත්වය ලබා දීමට උත්සහ කලත් ඔහු ඒ වෙනුවට Mahendra Singh Dhoni හට නායකත්වය ලබා දෙනවා.

සචින් ටෙස්ට් තරග වලදී තරග 200කින් ලකුනු 15,921 ක් රැස් කර ගන්නවා. ඒ අතරට ශතක 51ක් සහ අර්ධ ශතක 68ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම කඩුලු 46ක්ද දවාගෙන තියෙනවා. එක්දින තරග වලදී තරග 463 කින් ලකුනු 18,426 ක් රැස් කර ගන්නවා. ඒ අතරට ශතක 49ක් සහ අර්ධ ශතක 96 ක් ලබාගෙන තියෙනවා. කඩුලු 154 ක් දවාගෙන තියෙනවා.

2011දි Wisden Cricketers’ Almanack විසින් ඔහුව Don Bradman ට පසුව බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා ලෙසද, Viv Richards ට පසුව බිහි වූ විශිෂ්ටතම එක් දින පිතිකරුවා නම් කරනවා. 1994 දි Arjuna සම්මානයෙන් සහ 1997 දි ඉන්දීය ක්‍රීඩකයෙකුට හිමි ඉහලම ගෞරව සම්මානය වන Rajiv Gandhi Khel Ratna සම්මානයෙන් ද පිදුම් ලබන සචින් 1999 දි සහ 2008 දි Padma Shri සහ Padma Vibhushan සම්මාන වලින්ද පිදුම් ලබනවා. ඒ වගේම 2013 දී Bharat Ratna සම්මානයෙන්ද ඔහු පිදුම් ලබනවා.

අවුරුදු 24ක දායකත්වයෙන් පසුව සචින් 2012 දී එක් දින තරග වලින් විශ්‍රාම ගැනීමට තීරනය කරනවා. 2013 ඔක්තෝබර් මස බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියෙන් ඔහුගෙ 200 වැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු ටෙස්ට් තරගවලින්ද සමු ගන්නවා.

ඉතින් මේ සුපිරි පිතිකරුවා ගැන නිපදවුනු වාර්තාමය චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ James Erskine. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ A. R. Rahman. එ වගේම මේ චිත්‍රපටිය දමිල සහ තෙලිඟු භාශා වලින්ද හඬ කවා තිබෙනවා.

මේ චිත්‍රපටිය තිරගත වුනේ 2017 මැයි මාසෙ 26 වෙනිදා.

සචින්ගෙ අවසන් තරගයෙදි ඔහු විසින් පැවැත්වූ අවසන් කතාව

කාලය ඉක්මනින් ගෙවී යාවි…
ඒත් ඔබ ඉතුරු කර යන මතකය…
සැමදා මා සමගම රැඳේවි….
විශේශයෙන්ම.
සචින්! සචින්!
ඒ හඬ මගෙ සවනේ රැව් දේවි…
මා හුස්ම ගැනීම නතර කරන තෙක්ම…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *