ලංකා පුවත්පත් ධාරාවට නව ආරක පුවත්පතක්

තරුණ මාධ්‍යවේදියෙකු වන චාමර ලක්ෂාන් කුමාර මහතා කතුවරයා වශයෙන්ද පසුගිය ආන්දෝලානාත්මක සිදුවීම් රැසක් රටට හෙළි කල, තවත් තරුණ මාධ්‍යවේදියෙකු වන කසුන් පුස්සෙවෙල මහතා නියෝජ්‍ය කතුවරයා වශයෙනුත් විශේෂාංග හා ප්‍රවෘත්ති කතෘවරුන් ලෙස  රංජිත් කුමාර සමරකෝන් හා  ශාලික විමලසේන යන මහත්වරුන්ගේ කැපවීමත් තිඹිරියාගම බණ්ඩාර, ජයසිරි ජයසේකර, රවීන්ද්‍ර විජේවර්ධන, නිලන්ත ගමගේ, මංජුල සමරසේකර, කසුන් ඉරුගල්බණ්ඩාර, පබදු සපුතන්ත්‍රි,  ශිවන්ති ප්‍රනාන්දු ඇතුළු තරුණ මාධ්‍යවේදීන් කණ්ඩායමක් එක්ව ලේක් හවුස් ආයතනයෙන් එළැබෙන බ්‍රහස්පතින්දා(11) ඔබ වෙත නව ආරක පුවත් පතක් තිලින කිරිමට සූදානම් කොට ඇත.
එම පුවත් පත “රැස” ලෙස නම් කොට ඇති අතර අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස දිනපතා ජාතික පුවත්පතක් ලෙස ජාතික පුවත්පත් ධාරාවට එකතු වේ.
මෙම පුවත්පත් නව සන්නිවේදන තාක්ෂණයන් සමග අත්වැල් බැඳ ගන්නේ මධුක ප්‍රනාන්දු සහ විමුක්ති දුෂාන්තගේ සහයෙනි. මො.ල. සෙනෙවිරත්න ප්‍රමුඛ දක්ෂ තරුණ පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් ‘රැස’ නිර්මාණයෙහි ලා දායක වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *