රස්සාව ලොකුද පොඩිද නෑ කරන රස්සාවට ගරු කරන හැටි මනිරත්නම් ගෙන් ඉගෙන ගමු…

කොළඹ නගරයට යන එන ඔබට නම් නිතර ඇසෙන සයිඩ් සයිඩ් හෝ සයිඩේ සයිඩේ කියල හෙන හයියෙන් ඇහෙන වචන අරුමයක් නෙමේ . නාට්ටාමි රස්සාව කරන අය අපිට හීනෙකින්වත් උස්සන්න බැරි බඩු ගෝනි කරේ තියන් හරි දිග අත් කරත්තවල හරි පටෝගෙන හරි හරියට අපිට වඩා ඉක්මනින් ගමන් කරනවා දකින්නට පුළුවං.මොවුන් දෙස හොදට බැළුවාම ඔවුන් කිසිම පිරිසිදු කමක් නැතිව කොට කලිසමක් හරි සරෝං කෑල්ලක් හරි ඇදගෙන බොහෝවිට උඩට කිසිම ඇදුමක් නැතිව එහෙම නැත්තං ඉරිච්ච බැනියං කෑල්ලක් ඇඳගෙන සෙරෙප්පු නැතිව හරි හිල් වෙච්ච බාට කෑල්ලක් දාගෙන තමයි ඉන්නේ.

එහෙම ඉන්න අය අතරේ හොද කලිසමක් ඇදල ඒකට ගැලපෙන අත් දිග කමිසයක් අදල බෙල්ට් එක දාල ඩෙග්ෂුස් දෙකක් දාල සන්ග්ලාස් දෙකකුත් දාගෙන ප්‍රසන්න පෙනුමින් ඉන්න අවුරුදු 48ක් වයස මනිරත්නම් ගෙන් ඔබට මට ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියල හිතුන නිසා මේ විදිහට ලියන්න හිතුනා.

 

අපි කරන රස්සාව මොකක්ද කියල අදාල නෑ ඒක හරියට කරන්න ඕන ඒකට නිසි ගෟරවය දක්වන්න ඕන ඒකට ආදරේ කරන්න ඕන බලන්න මනිරත්නම් දිහා මොන කට්ට කෑවත් මනිරත්නම් හෙන සතුටින් ඉන්නේ හැමෝම මනිරත්නම්ට ආදරෙයි .මනිරත්නම්ට තරම් කස්ටමර්ස්ල වෙන කාටවත් නෑ.වෙළෙන්දෝ බඩු ගන්න එන අය තමන්ගේ වැඩේ කරගන්න මනිරත්නම්ව හොයාගෙන එනවා වගේම මනිරත්නම්ටත් හොදට නම්බුකාර විදිහට සලකනවා.. ඉතින් අපිත් මනිරත්නම් වගේ වෙමු තමන් කරන රස්සාව මොකක් උනත් ඒක හරියට කරමු.. තමන්ට හැකි පමන පිරිසිදුව විනීතව ඉමු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *