The Gracefield Incident (2017)

ලංකාව ඇතුලු බොහෝ රටවලත් පියාඹන පීරිසි එහෙම නැත්නම්  UFO ගැන සිදුවීම් සෑම විටම වාර්තා වෙනවා.ඒ නිසා මෙම සිදුවීම් දැන් ලෝකය පුරා බහුලයි. සමහරු පවසනවා පිටසක්වල ජීවින් සිටිනවා කියලා සමහරු එය පිළිගන්නෙ නැහැ. කෙසේ නමුත් තවම එයට ස්ථිර පිළිතුරක් මෙ වෙනකම් ලැබිලා නෑ. කොහොම උනත් මේ විශ්වයේ අපි විතරක් තනි විය නොහැකි අතර. තවත් ජීවින් මේ විශ්වයේ කොහේ හෝ සිටිය යුතුයි.

මෙම චිත්‍ර පටියේත් ඔබට ගෙනඑන්නේ එවන් කතාවක් –

මෙහි එක් තැනක පෙන්වනවා තිරිඟු වගා බිමක තිබෙන සළකුණක්. මෙය ලෝකෙ බොහෝ රටවල් වලින් වාර්තා වන දෙයක්. වගා කව ලෙසයි මේවා හඳුන්වන්නෙ. ඒවායේ පෙනුම සරල වෘත කීපයකින් සැදි රටාවල සිට ක්‍රමයෙන් සංකීර්ණ රටාවන් මවනවා. මේවා බොහෝවිට නිර්මාණය වන්නෙ රාත්‍රියේදි. ඒ නිසා එය කරේ කවුද, කල ආකාරයක් නම් සොයා ගන්න බැහැ. රටාව නිර්මාණය කර ඇත්තේ අවශ්‍ය පරිදි වගාව තලා බිමට එබීමෙන්. එසේ තලා දැමුවිට කඳ නැවී තිබුණත් ඒවාට හානියක්‌ වූ බවක්‌ නම් පෙනෙන්නට නැහැ. බොහෝ වෙලාවට එසේ තැලී තිබුණත් පසුව සාමාන්‍ය ලෙස වැඩෙන්න ගන්නවා. හුඟක් අය කියන්නෙ මෙම වගා කව හඳුනා නොගත් පියාඹන වස්‌තූන්ගේ (U.F.O) ගොඩ බෑම නිසා ඇති වූවක් කියලා. ඒ වගේම මේවා නිර්මාණයෙ කරේ අහසෙන් මතුවූ පිටසක්වලයින් නම් ඔවුන් මේ හදන්නෙ අපිට යම්කිසි පණිවිඩයක් දීමට විය හැකි බවයි තවත් අය පවසන්නෙ. මෙසේ මෙම සන්සිද්දින් දෙස බලන විට පැවසිය හැක්කෙ මෙය දන්නෝ දනිති ලෙසයි. මේ ගැන තව විස්තර ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයා ගන්න පුළුවන් .

සලරුවෙ සිදුවීම විස්තර කරනවා නම්, දීර්ඝ සති අන්ත නිවාඩුවක් ගත කිරීම සඳහා කොල්ලො කෙල්ලො සෙට් එකක් කැලයක් මැද්දෙ තිබෙන ගෙයකට යනවා. එහිදි ඔවුන් මුහුණ දෙන බලාපොරොත්තු නොවු ත්‍රාසජනක සිදුවීමක් වටා තමා මෙම කතාව දිවෙන්නෙ. ඒ වගෙම මම මුලින්ම කරපු විස්තරයත් මේ හා සම්බන්ධයි. සම්පුර්ණ කතාවම අවශ්‍ය නෑනෙ. එතකොට film එක බලන එකෙනුත් වැඩක් නැති වෙනවා.

ඔන්න එහෙනම් මේ චිත්‍රපටියේ සිංහල උපසිරසි Baiskope.lk අඩවියෙන් බා ගන්න පුළුවං…

විවේකී සති අන්සතයේ බලන්න එල Film එකක්….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *