පාසල් පෙම්වතියගේ “වැඩිවියට පත් වීමේ” ඡායාරූප ෆේස්බුක් දැමූ මාතර පාසල් සිසුවා…

මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවකු සිය පෙමවතිය යයි කියන පාසල් සිසුවියකගෙ “වැඩිවියට පත්වීමේ” අවස්ථාවක ගන්නා ලද ජායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.එම ඡායාරූප හේතුවෙන්  මේ වනවිට සමාජජාල තුල විශාල කැළඹීමක් ඇතිවී තිබේ.

නව යොවුන් වියේ අපේ දුවා දරුවන්ගේ හිරිමල් ආදර කතන්දර පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැති අතර එය ඔවුන්ට ජීවිතය ගැන හොඳ අත්දැකීමක් එක්කරගන්න හෙඳ අඩිතාලමකි.ඒත් මෙවන් අතිශය පුද්ගලික දේවල් ෆේස්බුක් වැනි සමාජජාල වල සංසරණය වන විට එම දරුවන්ගේ දෙමාපයින් ගැන සමාජය දක්වන ආකල්පයට වඩා එම දරුවන් ගැන ඉතා වැරදි ආකල්පයන් සමාජය විසින් දරනවා ඇත.

පෙරදිග අපේ සංකෘතිය තරම් හරවත් සංයමයකින් යුත් සංකෘතියක් ලෝකයේ කිසිම රටක නැති අතර මේ වන විට අපේ සංකෘතිය ඉන්දියානු සංකෘතිය විසින් 2/3 ක් පම ගිල අවසන් බව දුකින් උනත් කියන්න ඕනමය.මේ සදහා රටේ දේශපාලන අධිකාරය හා මාධ්‍ය සෘජුවම වගකිව යුත් අතර දැන් ඉදන් වත් අපේ දේ රැක ගැනීමට කටයුතු කල යුතුව ඇත… 

මෙවන් තමන් කරන කාර්ය වල බරපතල කම නොදන්නා හැම දේකටම ලෙහෙසියෙන් හසුවන පුංචි දරුවන් හෙට රටේ අනාගතය භාරගන්නේ කෙසේද යන්න උබතෝකෝටික ප්‍රශ්නයකි.එනිසා දයාබර දෙමාපියනි ඔබේ දරුවා ගැන වඩාත් අවධානයෙන් සිටීමට කාලයයි මේ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *