Get the Girl (2017)

මේ කතාවෙ ක්ලැරන්ස්, බාර් එකක වැඩ කරන ඇලෙක්ස් කියන කෙල්ලට හිතින් ආදරය කරනවා. ඒත් මේක ඇලෙක්ස්ට කියන්න ක්ලැරන්ස් ටිකක් බයයි. ඇලෙක්ස් කියන්නෙ විවාහක කාන්තාවක් බව දැන ගත්තත් ඒ විවාහය අසාර්ථක එකක් බවත්, ඇලෙක්ස් තමන්ගෙ ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න බවත් දැන ගත්ත නිසා ක්ලැරන්ස් ඇලෙක්ස්ගෙ පස්සෙන් යන එක නතර කරන්නෙ නෑ. හැම කතාවෙම වගේ කෙල්ලට පොඩි වැඩ කෑල්ලක් දාලා, කෙල්ල ඉස්සරහා වීරයා වෙලා, කෙල්ලගෙ හිත දිනාගන්න තමයි ක්ලැරන්ස් පැට්‍රික්ව සම්බන්ධ කරගන්නෙ. ඉතින් ක්ලැරන්ස්ගෙ මේ උත්සාහය සාර්ථක වෙයිද? නැද්ද? ඇලෙක්ස් ක්ලැරන්ස්ට කැමති වෙයිද? නැත්නම් වැඩේ අහුවෙයිද? මේවා ඔක්කොම බලාගන්න පුළුවන්…

මේ ෆිල්ම් එකේ සිංහල උපසිරස baiskope.lk අඩවියෙන් ලබාගන්න පුළුවං…

මේකට IMDB දර්ශකයෙ 5.1ක අගයක් තමයි ලැබිලා තියෙන්නෙ. විනාඩි 87කදර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ Eric England2017 ජනවාරි 27 වෙනිදා ඇමරිකාවෙදි ප්‍රදර්ශනය ආරම්භ වුණු මේකෙ DVD,Blue ray වීඩියෝ නිකුත් වුණේ 2017 ජුනි මාසෙදි.

මේකෙ ප්‍රධාන චරිත තුන රඟපාන්නෙ Justin Dobies (Clarence), Elizabeth Whitson(Alex), Noah Segan (Patrick) කියන තුන්දෙනා.

Justin Dobies කියන්නෙ Dear White PeapleWe Love You චිත්‍රපටිවල වගේම Broad City, Making Moves කියන රූපවාහිනී කතාමාලාවල රඟපාපු කෙනෙක්. එතකොටSuperhuman රූපවාහිනි කතාමාලාවෙ Action Cordinater විදිහට වැඩ කළෙත් මෙයා තමයි. Awkward රූපවාහිනී කතා මාලාව බලලා තියෙනව නම් ඒකෙ Eva විදිහට රඟපෑවෙ Elizabeth Whitson තමයි. එතකොට මේකෙ පැට්‍රික් (Noah Segan) නම් Brick,Waterborne, Deadgirl, Quit, Looper, The Frozen, වගේම තවත් චිත්‍රපටි ගණනාවක රඟපාලා තියෙන නිසා අමතක වෙන්න විදිහක් නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *