Bhoomi….. (Video)

තාත්තා කෙනෙක් තමන්ගේ දුවට කොයි තරම් නම් ආදරයක් දක්වනවද? එම දියණිය වෙනුවෙන්,ඒ ආදරයම ඔහුව වියරු මෘගයෙක් බවට වුනත් පත් කරන්න බැරි නැහැ .උසාවියට,පොලිසියට,නීතියට සීමා තියෙන්න පුළුවන්.නමුත් තාත්තා කෙනෙක් තමන්ගේ දුවට තියෙන ආදරයට ඒ කිසිම සීමාවක් නැහැ .ඒ නිසා දියණියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔහුට ඕනෙම විදිහේ දරුණු දෙයක් කරන්න පුළුවන්.අම්මා නැති වුන දවසේ ඉඳලා බොහොම ආදරයෙන් හදා වඩා ගත්ත තමන්ගේ දුවගේ මංගල දිනයට කලින් දින රාත්‍රියේ මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙකුට හීනෙකින්වත් හිතන්න බැරි දෙයක් මේ තාත්තට සිද්දවෙනවා.මේ ලෝකයේ කිසිම දියණියකට සිද්ද නොවිය යුතු දෙයක් මේ දියණියට සිද්දවෙනවා.කොහොමවුනත් මේ දෙන්නම පස්සේ ඒ දේ අමතක කරලා ඉන්න හැදුවත් සියල්ල සිදු වෙනකල් ඇස් කණ් වහගෙන සිටි අසල්වැසියෝ දැන් මොවුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නෑ .ඒ නිසා මොවුන් තීරණයක් ගන්නවා.මේ සිත් තැවුල,කැළැල තවත් යටපත් කරගෙන නොඉඳ එය මකා දැමිය යුතු බවට මොවුන් තීරණයක් ගන්නවා.මොවුන්ගේ මේ ප්‍රයත්නය කෙලෙසකට විසඳේවි ද?

බොලිවුඩ් සුපිරි නළු සන්ජේ දත් ගේ නවතම චිත්‍රපටය Wazir(2016), Kaatru veliyidai (2017) [දමිළ] ආදි මෑතකාලීන සිනමා පටයන්ගෙන් තම රංගන ප්‍රතිභාව මනාව විදහා දැක්වූ රූමතිය Aditi Rao Hydari ගේ නවතම සිනමා සිත්තම! එමෙන්ම සම්මානනීය චිත්‍රපටය, Mary Kom (2014) අධ්‍යක්ෂණය කළ Omung Kumarගේ නවතම අධ්‍යක්ෂණය! Bhoomi (2017)!!! ඉන්දියානු රුපියල් මිලියන 220ක බර පැන යොදමින් නිර්මාණය වූ මේ සිනමා සිත්තම Action, Drama ගණයන් යටතේ වර්ගීකරණය වෙමින් සැප්තැම්බර් මස 22 දින ප්‍රදර්ශනය අරඹන ලදී! චිත්‍රපටයේ, YouTube දර්ශන මිලියන ගණනක් සටහන් කළ, ඉතා ජනප්‍රිය වුනු ගීත කිහිපයක්ම මෙන්ම බොලිවුඩ් සරාගිනිය Sunny Leone ගේ අයිතම ගීයක් ද ඇතුලත් වෙනවා.ඒ වගේම මෙය මේ වනවිට IMDB හි 5.6 ක අගයක් ද Google පරිශීලකයින්ගේ 84%ක මනාපයක් ද Times of India හි 3/5ක අගයක් ද හිමි කරගෙන තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *