39 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම නලුවා ජෙහාන් නිළියන් ඕෂධී හා මිහිරි

ජාතික තරුණ සේවා සභාව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්‌ව සංවිධානය කළ තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය 39 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල පසුගියදා  මහරගම යොවුන් රඟහලේදී පැවැත්විණ.

දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමිය. ඒ ඔහු විසින්ම නිර්මාණය කළ “සූකර අසපුව” නාට්‍යයේ පාවෙල්ගේ චරිතය නිරූපණය වෙනුවෙනි. එම නාට්‍යයේ රස්‌කයා චරිතය නිරූපණය කළ ඕෂධී ගුණසේකර හා උෂාන් පෙරේරාගේ “මායාබන්ධන” නාට්‍යයේ ප්‍රොක්‌ටර් මහත්මියගේ චරිතය නිරූපණය කළ මිහිරි ප්‍රියංගනී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *