ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කෙනෙක්ද කියල බලාගන්න කරුණු 7 ක්…(Video)

හොඳ පුහුණුකරුවෙක්, හොඳ උපදේශකයෙක්, හොඳ විධායක නිළධාරියෙක්- එයාලා ප්‍රගුණ කරලා තියෙන මොනවම හරි දක්ෂතාවයක් තියෙනව නම්, ඒ එයාලා ලේසියෙන්ම අඳුරගන්නවා කොයි ක්‍රීඩකයා ද, දක්ෂයා ද, අනාගත නායකයා ද එයාලා තෝරාගන්න ඕනේ කියලා.එයාලා ගැන එක දෙයක් තියෙනවා. එයාලට ධනය හරි පිලිගැනීම හරි ලැබෙන්නේ එයාලා තමන්ගේ වත්කම් ආයෝජනය කරන නිවැරදිම පුද්ගලයින් මත.
ඒ ගැන නිකන් හිතල බලන්න. මොකක් හරි තාක්ෂණයක් තිබ්බොත් ඔයාලට කියන්න පුළුවන් අර්නෝල්ඩ් හිට් වෙන්න කලින් මෙයා තමයි අර්නෝල්ඩ් වෙන්නේ කියලා, මයිකල් ජෝර්ඩන් හිට් වෙන්න කලින් මෙයා තමයි මයිකල් ජෝර්ඩන් වෙන්නේ කියලා, ඇලෙක්සැන්ඩර් තමයි මහා ඇලෙක්සැන්ඩර් රජු වෙන්නේ කියලා.
ඔව්! ඔයාලට කියන්න පුළුවන් කවුරුහරි නැත්නම් ඔයා එහෙම සාර්ථක පුද්ගලයෙක් වෙන්න ද යන්නේ කියලා. මම ඔයාලට කියනවා කරුණු හතක්, ඔයාටම දැන ගන්න පුළුවන් ඔයා ජිවිතේ සාර්ථක පුද්ගලයෙක් වෙන්න යනවා ද කියලා.
මම බලාගෙන ඉඳලා තියෙනවා සමහර අය අවුරුදු 18 දී, අවුරුදු 28 දී එයාලා මිලියනපතියෝ. මම දැක්කා අවුරුදු 14ක පොඩි කොල්ලෙක්, එයා දැන් අවුරුදු 26දී මිලියනපතියෙක්.
මම දැක්කා මේ කරුණු සමහර ක්‍රීඩකයින්ගේ ගාව තියෙනවා, දැන් එයාලා තරඟකාරී තත්වයකට ඇවිල්ලා එයාලගේ ජීවිතය ලස්සනට ගෙවනවා.

 

මම ඒ කරුණු හත ඔයාලට දැන් කියන්නම්.

 

අංක  01

අතිශය තරඟකාරියි

කරන වැඩය අදාල නැහැ. එයාලට ඕනේ ඒක ඉක්මනට, අනිත් අයට වඩා හොඳට, විශාලව කරන්න. එයාලට තියෙනවා හිතේ ආසාවක් “මම මේක ඔයාට වඩා හොඳට කරනවා” කියලා. ධනවාදී ලෝකයේ හැමදේම පදනම් වෙලා තියෙන්නේ තරඟකාරීත්වය මත. ධනවාදය දුවන්නේ මේ තරඟකාරීත්වය මත. ක්‍රීඩාව පදනම් වෙලා තියෙන්නේ තරඟකාරීත්වය මත. අපි චන්දය දෙන එයාලා දැන් ඉන්න කෙනාට වඩා හොඳයි කියන දේශපලකන්ගෙන් දිනන කෙනා තමයි එතනින් වඩාත්ම තරඟකාරි කෙනා.

තරඟකාරී පුද්ගලයෙක්ට ඕනේ ඕනෑම දෙයක් කොහොමද වඩා හොඳින් කරන්නේ කියල දැනගන්න. දැන් හිතන්න මේක වැඩ කරන ස්ථානයක්, මෙතන ඉන්නවා හැමෝටම වඩා හොඳ උඩින්ම ඉන්න සේවකයෙක්. ඒක ඕනෑම ක්‍රීඩා කණ්ඩායමකට උනත් අදාලයි. මුළු කණ්ඩායම ම ගන්න දෙයක් නැති උනත් මෙතන ඉන්නවා හැමෝටම වඩා උඩින් ඉන්න එක ක්‍රීඩකයෙක්.

දැන් හිතන්න අලුත් කෙනෙක් එනවා මෙතනට. කාර්යාලයකට හරි ක්‍රීඩා කණ්ඩායමකට හරි ඕනෑම තැනකට. දැන් මේ කෙනා පහලම ඉඳලා ඉලක්ක කරන්නේ උඩම ඉන්න කෙනාව. මෙයාට ඕනේ උඩම ඉන්න කෙනාව පරද්දන්න. උඩම ඉන්න කෙනා මොනවද කරන්නේ මෙයත් ඒකම කරනවා. කන විදිහ, වැඩ කරන විදිහ, එයා වැඩට එන වෙලාව, හැමදේම. මොකද එයා අතිශය තරඟකාරියි. ඉතින් එයා උඩම ඉන්න කෙනාව පහු කරලා යනවා. ඒක ඒ තරම් ම සරලයි.

 

අංක  02

එයාලා දෙයක් ඉවර කරන්න කැමතියි.

 

එයා ප්‍රෙහෙලිකාවක් විසඳනවා කියමු. එයාට ඒක ඉවර කරනකන් නවත්තන්න බෑ. එයා පරිගණක ක්‍රීඩාවක් සෙල්ලම් කලත්, පොතක් කියෙව්වත් එයාට එක නවත්තන්න බෑ. ඉවර කරන්නම ඕනේ. මේ වගේ අය ගොඩාක් ඉන්නවා, කෙනෙක් පොතක් අරන් පලවෙනි ඡේදය, දෙවෙනි එක විතරක් කියවලා හිතනවා “අනේ මගේ ළඟ ඉවර කරපු නැති තව පොත් 30ක් විතර තියෙනවා”. ඕන කෙනෙක් කැමති තමාට කැමති දේවල් ලේසියෙන්ම ලැබෙනවා නම්. යම් දෙයක් ඉවර කරන කෙනා, හැම දෙයක්ම කරලා ඉවර කරන කෙනෙක්. එයාලා කොහොමහරි ඒ දේ කරලා ඉවර කරන්න ක්‍රමයක් හොයාගන්නවා.

 

අංක 03

ඔයා ආශ්‍රය කරන අය එයාට වඩා ගොඩක් ලොකු අය නම්

ඒ ආශ්‍රය කරන අය ඔයාට වඩා ජිවිතයේ ගොඩක් විශාල අය. ඔයා එයාල තරම් ලොකු නෑ. ඔයා ආශ්‍රය කරන අය ඔයාට වඩා ගොඩක් හම්බ කරන අය නම්, ඔයා නිකන්ම එයාලා ඉන්න තැනට යනවා. ඒක ගණිත සුත්‍රයක් වගේ අනිවාරෙන් වෙන දෙයක් මිසක් අවිනිශ්චිතව වෙන දෙයක් නෙවෙයි.සමහර අය කවදාවත් දියුණු නොවෙන හේතුවක් තියෙනවා. එයාලට ඕනේ එයාට වඩා පොඩි අය එයාගේ වටේ ඉන්න. එතකොට එයාට තමන් එතන ඉන්න ලොකුම කෙනා කියලා හිතෙන්න.තමන්ට වඩා ලොකු අය එක්ක ඉන්නකොට ඔයා දන්නවා, එතන තමයි ඔයාගේ ඊළඟ නැවතුම. ඊළඟ ඉලක්කය කියලා.

 

අංක 04

හිතන එක කවදාවත් නවතින්නේ නෑ

ඔයා හිතනවා, මගේ ජිවිතේ මේක උනොත් මොනා වෙයි ද? මම මේ කෙනාට කතා කරොත් හොඳයිද? මම මේ විදිහේ ජිවිතයක් ගෙවුවොත් කොහොමද? මම මෙතනට ගියොත් හරිද? මම මේක විසඳ ගත්තොත් නරකද? ඔයා ඇඳේ ඉන්නේ එත් ඔයා හිතනවා… මම මේක කරන්න ඕනේ, පොඩ්ඩක් ඉන්න බලන්න මම මේක කරන්නම ඕනේ! මම දැන් පැය තුනකට කලින් මේක ගැන කතා කර කර හිටියේ, මම මේක කරන්න ඕනේ, නැත්තන් මම අරක කරොත් හොඳයි වගේ..ඒ වගේ හිතන එක කොයිම වෙලාවකවත් නවතින්නේ නෑ. හරියට මහා ප්‍රාඥයෙක්ගේ ඔලුවක් වගේ.

 

අංක 05

වැදගත්, උගත්, විශ්වසනීය මිනිස්සු ඔයා හොඳ තැනකට යනවා කියලා දකිනවා

උදාහරණයකට හිතන්න මම ජෝන් කියලා කෙනෙක් හමු වෙනවා. ජෝන්ගේ ජිවිතයේ ඉන්නවා විදුහල්පති කෙනෙක්, පූජකවරයෙක්, පුහුණුකරුවෙක් සහ තවත් වෙනස්ම පුද්ගලයෙක් ජෝන් ඔහු යටතේ වැඩ කරන. ඒ හැම පුද්ගලයාම කියනවා කියනවා ජෝන් හොඳ තැනකට යනවා කියලා.”ජෝන් හොඳ තැනකට යනවා” ! ඒ පුද්ගලයන් හැමෝම ඒ දේ කිව්වේ අව්‍යාජව නම්, ඔව්! ජෝන් හොඳ තැනකට යනවා.
හේතුව මේ පූජකයා, ලොක්කා, පුහුණුකරු, විදුහල්පති හතර දෙනාම මේ පුද්ගලයත් එක්ක අසීමිත කාලයක් ගත කරලා තියෙනවා. එයාල දන්නවා මෙයාගේ දුර්වලතා, සිරිත් විරිත්, එයාල දන්නවා මෙයා වැඩක් ඉවර කරනවා කියලා, මෙයා ආශ්‍රය කරන්නේ මෙයාට වඩා ලොකු අයව කියලා, මෙය තරඟකාරියි කියලා. එයාල දන්නවා ඒ දේවල්. ඉතින් ඒ වගේ ය එහෙම කියනවනම් තමන්ට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ වැදගත් මිනිස්සු ඔයා කෙරේ විශ්වාසයක් තියල තියෙනවා. එයාලා දකිනවා ඔයා හොඳ තැනකට යනවා.

අංක 06

හැමවෙලේම ඉගෙන ගන්නවා

ඔයා කොයිම වෙලාවකවත් ඉගෙන ගන්න එක නතර නොකරන ශිෂ්‍යයෙක් විය යුතුයි. දෙයක් ගෙන ඉගෙන ගන්නේ නැතුව ඉන්න අමාරුයි. ඔයාට මේක මිට වඩා හොඳට කරන විදිහ දැන ගන්න ඕනේ. මේ දේ මීට වඩා හොඳ කෙනෙක් වෙන්න ඕනේ. මොකක් හරි දෙයක් ඉගෙන ගන්නම ඕනේ කියලා තියෙන නොනිමෙන ආශාව.

අංක 07

ආත්ම අභිමානය

සාර්ථකත්වයට යන පුද්ගලයෙක්ගේ අන්තිම සහ ලොකුම දේ. එයාලා තමන් ගැන හරිම ආඩම්බරයි. අනිත් මිනිස්සු හිතනවා අර කෙනා මේ විදිහටද හිතනවා ඇත්තේ ඇත්තටම.
ඔව්! එයාලා හිතනවා මට මේ දේ ඕනේ කියලා. එයාලා කොහොම හරි ඒ දේ ලබාගෙනයි නවතින්නේ. මොකද එයාලට ඒ දේ නැතුව බෑ. එයාලා හිතනවා ඒ දේ තමන් වගේ විශේෂ කෙනෙක්ට නැත්නම් වැඩක් නෑ කියලා. එයාලා ආසා කරන ඕනෙම දෙයක් ලබා ගන්න එයාලා කොහොම හරි ක්‍රමයක් හොයා ගන්නවා.
ඒක ගෑනු ළමයෙක්ද, ව්‍යාපාරයක්ද, තනතුරක්ද, ඒක අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට යන මාර්ගයක් ද, ගෞරව සම්මානයක්ද, යම්කිසි තැනක් ද, යම්කිසි ජිවන රටාවක්ද කියලා අදාළ නැහැ. එයාලා ඒකට ආසයි නම් අනිවාර්යෙන්ම ඒක ලබා ගන්නවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *