Saving Santa – නත්තල් සීයා රැකගැනිම

දෙසැම්බර් 25 හෙවත් නත්තල් දවසට අපි කවුරුත් දන්නා නත්තල් සීයට කරන්න හරිම ලොකු රාජකාරියක් තියෙනවා. ඒක තමයි ලෝකය පුරා ඉන්න අපේ පුංචි පැටවුන්ට තෑගි බෙදීම. ඔයාලා හැමෝම අහලා ඇතිනේ නත්තල් සීයගෙ සෙල්ලම්බඩු නිපදවීමේ කම්හල තියෙන්නේ උත්තරද්‍රැවයේ කියලා. ඒත් ඒක තියෙන තැන හරියටම කවුරුවත් දන්නෙ නෑ. ඒ වගේම මුළු ලෝකෙ වටේම ඉන්න ලමයින්ට එක රැයකදි මේ සෙල්ලම්බඩු සේරම බෙදන්නෙ කොහොමද කියලත් කවුරුවත්ම දන්නෙ නෑනෙ. ඒ ප්‍රශ්ණ දෙක තියෙන තියෙන තවත් සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා නෙවිල් බැඩින්ටන් කියලා. ඔහු තමයි ලෝකයේ වේගවත්ම වාසර බෙදාහැරීම් සේවාව අයිති පුද්ගලයා. හැබැයි ඔහු දන්නවා ඔහු සිදු කරනවාට වඩා සෑහෙන්න වේගයෙන් නත්තල් සීයගෙ හිම යානය මගින් මේ බෙදා හැරීම් කරන්න පුළුවන් බව. අපි වගේ මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඉබේ ලැබෙනකල් නෙවිල් බලාගෙන ඉන්නෙ නැහැ. ඔහු දැඩි උත්සාහයක් ගන්නවා උත්තරධ්‍රැවයේ නත්තල් සීයගෙ කම්හල තියෙන්නෙ කොහෙද කියලා හොයාගන්නයි, එහෙම හොයාගෙන නත්තල් සීයගෙ හිම යානයේ රහස දැනගන්නයි. මේ දේ පිටිපස්සෙන් නෙවිල්ගෙ අම්මත් ඉන්නවා.

නත්තල් සීයගෙ පිණි මුවන්ගෙ බෙටි අස් කරන සාමාන්‍ය එල්ෆ් කෙනෙක් හෙවත් මිට්ටෙක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. ඒ මිට්ටගෙ නම බර්නාඩ් ඩී එල්ෆ්. උත්තරද්‍රැවය ආක්‍රමණය කිරීම වලක්වන්න ඔහු දරණ අපරිමේය උත්සාහය නිසා මේ සාමාන්‍ය මිට්ටා අසාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙන හැටි මේ කතාවෙන් කියැවෙනවා. නත්තල් දවසේ ඔයාලා අතට පත් කරන මේ චිත්‍රපටිය අවසානයේදි ඔයාලට හොඳ නත්තල් පණිවිඩයකුත් ලබා දෙනවා. ඒ නිසා ඉවර වෙනකල්ම බලනවනම් හොඳයි.

උත්තරධ්‍රැවයේ නත්තල් සීයගෙ සෙල්ලම්බඩු කම්හල පිහිටලා තියෙන්නෙ කොතනද? ඔවුන් ඒක හැමෝගෙන්ම හංගගෙන ඉන්නෙ කොහොමද? නත්තල් සීයා කොහොමද එක රැයකින් ලෝකෙ වටේම ඉන්න ලමයින්ට සෙල්ලම්බඩු බෙදන්නේ? නෙවිල් බැඩින්ටන් කොහොමද මේ රහස් හොයා ගන්නේ? උත්තරධ්‍රැවය ආක්‍රමණය කිරීම නෙවිල් බැඩින්ටන්ට ලේසි පහසු කටයුත්තක් වේවිද? උත්තරධ්‍රැවයේ ඉන්න නත්තල් සීයගෙ ගෝලයෝ මේ ආක්‍රමණයට කොයි විදිහට මුහුන දේවිද? අපේ බර්නාඩ් කොහොමද නත්තල් සීයගෙ රහස් සියල්ල රැකගන්න උදව් කරන්නේ කියලා කතාව බලලම දැනගන්න. ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා!

මෙහි සිංහල උපසිරස බයිස්කොප් අඩවියෙන් ලබා ගත හැක…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *