Magalir Mattum (කාන්තාවන්ට පමණයි )

මඟහැරුණු යාළුවන් තිදෙනෙකු අවුරුදු 38කට පස්සේ ආපහු එක්කාසු වීම පාදක කර ගත්තු හරි අපූරු ෆිල්ම් එකක්. කතාවේ යාළුවෝ තුන් දෙනාගෙන් කෙනෙක් ගෝමාතා. අපේ නිළිය ප්‍රභාවතී, එයා ගෝමාතාගේ පුතා එක්ක විවාහ වෙන්න ඉන්නේ. මෙයා ඒ වගේ ඇනකොටාගන්න ලේලියක් නෙවෙයි හරි පුදුම ලේලියක්. නැන්දම්මා-ලේලි දෙන්නා හොඳ යාළුවෝ. කතාවේ ගෝමුගේ පුතා රස්සාවකට පිටරට යනවා. ගෝමු ගෙදර තනිවම ඉන්න නිසා එයා වෙන්ඩ-ලේලිව ගෙදර එක්කන් එනවා.

ප්‍රභා සමාජ සේවිකාවක්. ප්‍රභා එයාගේ යාළුවෝ අමීනා, ප්‍රතාප් දෙන්නත් එක්ක සමාජ සේවා වැඩසටහන් කරනවා. ප්‍රභා නිකමට වගේ ගෝමුගෙන් එයාගේ යාළුවෝ ගැන අහනවා. ෆේස්බුක් එහෙම හොයලා බලනවා. කාන්තා සුභසිද්ධිය ගැන එයා වැඩියෙන් උනන්දු නිසා ගෝමුගේ ප්‍රශ්නය ගැනත් එයා ටිකක් හිතනවා. එයාගේ පරමාර්ථය අතීතයේ වෙන්වුණ මේ මිතුරියන්ව එකතු කිරීමයි. කොහොම හරි ප්‍රභා මේ අයගෙන් කෙනෙක්ව ෆේස්බුක් එකෙන් හොයාගන්නවා. ඉතින් අනිත් මිතුරිය වත් හමුවෙයිද? මේ ගමනේ ඉස්සරහට එන බාධක මොනවද? ඔයාලා බලන්නකෝ

මේ චිත්‍රපටියේ හැඟීම් බර වගේම විනෝද ජනක අවස්ථා එහෙමත් තිබෙනවා. ගොඩක් දුරට කොමඩියක් කියන්නත් පුළුවන්. චිත්‍රපටයේ තේරුම නම් “කාන්තාවන්ට පමණයි!” ඒත් මේක පිරිමි අයත් බලන්නම ඕනේ. කාන්තාවන්ට කරන අසාධාරණ කම්, වෙනස් කම් එහෙම පෙන්වන්න. ඒත් මේ චිත්‍රපටියේ සමහර කරුණු තියෙනවා මාතෘත්වය සම්බන්ධ අදහස් ටිකක්. මොකද අපේ අම්මලා නම් දරුවෙක් බරක් විදිහට සළකන්නේ නැහැ. හැබැයි සැමියගේ පයේ දූවිල්ලක් වෙන්න ඕනේ නැහැ කියන අදහසට එකඟ වෙන්න ඕනේ.ඉතිං මේ සති අන්තෙ බලන්න හොද ෆිල්ම් එකක්.මේකෙ සිංහල උපසිරස බයිස්කොප් අඩවියෙන් බාගන්න පුළුවං….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *