“සියලුම වෛද්‍ය වියදම් මීට අවුරුදු 30කට පෙර වේදනා නාශක පැකට්ටු 3ක් සහ එළවලු සුප් මල්ලකින් ගෙවා දමන ලදී.” (Video)

“මෙහෙ වරෙන් හොර කොලුවා මොනවද උඹ හොරකම් කලේ? පෙන්නපන් මට මේවා වලින් මොනවා කරන්නද? උත්තර දීපන්! ”

බෙහෙත් හලකින් සොරකම් කර අසු වුන ඒ දරුවාගේ පිළිතුර වුනේ බෙහෙත් හොරකම් කලේ තම අම්මා වෙනුවෙන් බවයි. වාසනාවට එතනට එන අසල අවන්හලක අයිතිකරු ඒ බෙහෙත් වල මිල ගෙවා, තම කඩයෙන් එළවලු සුප් මල්ලක් ද මේ දරුවාට ලබා දී ඔහුව බේරා හරිනවා.

ඊට අවුරුදු 30කට පසුත් ඒ අවන්හල් හිමියා අසරණයන් ට පිහිට වෙමින් ජිවත් වෙන අතරේ හදිසියේම අසනීපයකින් අසාධ්‍ය ලෙසට පත් වෙනවා.

රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කල පසු ඉතා විශාල රෝහල් බිලක් ගෙවන්නට සිදු වුනත් එය ගෙවාගැනීමට මගක් නැතිව අවන්හල් අයිතිකරුගේ දුව, අවන්හල ද විකුනන්නට දමනවා.

ඊළඟ උදයේ මේ දියණියට අලුත් රෝහල් බිලක් ලැබෙනවා. මුළු බිලේ එකතුව බින්දුවයි!

බිල යටම මෙහෙම ලියල තියෙනවා

“සියලුම වෛද්‍ය වියදම් මීට අවුරුදු 30කට පෙර වේදනා නාශක පැකට්ටු 3ක් සහ එළවලු සුප් මල්ලකින් ගෙවා දමන ලදී.”

ඉතිං හිතන්න මිනිස්සුන්ගේ දෛවය ලියවෙන විදිහ… කවුද හිතුවෙ එදා බෙහෙත් හොරකම් කරපු පුංචි කොල්ල අද දොස්තර කෙනෙක් වෙයි කියල… ඒ වගේම ඒ දොස්තර ගාවටම අර කරුණාවන්ත හැමෝටම උදවු කරපු මනුස්සය ලෙඩ වෙලා එයි කියල… ඔන්න ඔහොමයි දෛවය ලියවෙන්නේ  හොඳ මිනිහෙක්ට කවදාවත් වරදින්නේ නෑ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *