අපිට අමතක අපේ ඉතිහාසය (අනුරාධපුර රාජධානිය)

විජයට පසු දිගින් දිගට සංක්‍රමනිකයින් ලංකාවේ විවිධාකාර වූ ජනපද පිහිටුවා ගන්නා අතර එම ප්‍රදේශ මූලිකව රුහුණු, මායා, පිහිටි ලෙස වෙන්විය. එක් එක් ප්‍රදේශ සඳහා වෙන වෙනම ප්‍රාදේශීය පාලකයින් බිහිවන අතර ඊසාන, නැගෙනහිර හා උතුරු මැද ගංගා බොහොමයක් කේන්ද්‍රගතවූ එවකට පැවති කෘෂිකාර්මික ආර්ථික රටාව උචිතම ස්ථානය ලෙස හඳුනගත් අනුරාධ විසින් පිහිටුවන ලද අනුරාධග්‍රාමය කේන්ද්‍රකර ලාංකීය ජනාවාස ඇතිවීමත් සමග පාලකයා ලෙස රජකෙනෙකුගේ බිහිවීම සිදුවිය.රජතුමා මූලිකව නීතිය, ආරක්ෂාව සහ ආගම පිලිඹඳ මූලිකත්වය හිමිවූ අතර ඒ පිලිඹඳ ඒකාධිපතිත්වයද ඔහු හට හිමිවිය.ලංකවේ මුල්ම දේශීය රජතුමා ලෙස පණ්ඩුකාභය ක්‍රිස්තුපූර්ව 437 දී රජවිය.පණ්ඩුකාභය රජු විසින් අනුරාධග්‍රාමය සියළු පහසුකම් සහිත නගරයක් බවට පත් කිරීමෙන් පසු එය අනුරාධපුර නමින් හැඳින්වුනි.පසුව ඔහුගේ පුත් මුටසිවරජකමට පත්වූ අතර ලංකාවේ සංස්කෘතිය වෙනස් කිරීමෙහිලා විශාල කාර්යයක් සිදුකල මහමෙවුනා උයන නිර්මාණය සිදුවනූයේ මෙම අවධියේදීය.

මුටසිවට පසු මෞර්ය වංශික දේවානම්පියතිස්ස( ක්‍රිස්තු පූර්ව 250-210 ) රජවුන අතර ඔහු ඉංදියාවේ එවකට රජකම් කල අසෝක අධිරාජ්‍යයා සමග පැවැත්වු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උපයෝගීකරගෙන ථේරවාදී බුදුදහම ලංකාවට හඳුන්වා දීමට කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් අසෝක රජුගේ පුත් මහින්ද රහතන්වහන්සේ විසින් ලංකාවට ථේරවාදී බුදුදහම රැගෙන එන ලදී.පසුව අසෝක අධිරාජ්‍යයාගේ දියණිය සංඝමිත්තාමෙහෙණිය විසින් භික්ෂුණී ශාසනය සහ බුදුරජණන් වහන්සේ බුදුබවට පත් වූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ශිණ ශාඛාව රැගෙන ලංකාවට වැඩම කරවන ලදී.

අසේල රජු ඝාතනය කල එලාර රජු විසින් අනුරාධපුරය අගනගරය වූ පිහිටි රට පාලනය අල්ලා ගැනීම අනුරාධපුර රාජධානියේ නැගීමට හේතුවන සාධනීය හේතුවක් විය. එය ලංකාවේම අගනගරය බවට මුල්වරට දුටුගැමුණු රජු ලංකාව එක්සේසත් කිරීමෙන් පසු පත්වීම එහිලා දැක්විය හැකි මූලික හේතුවක් ලෙස දැක්විය හැක.එලාර පිහිටි රට රජකරන කාලයේ රුහුණේ කාවන්තිස්ස සහ මායා රටේ කැලණිතිස්ස ලෙස ප්‍රාදේශීය රජවරුන් දෙදෙනෙකු පාලනය කලේය. දුටුගැමුණු යනු රුහුණේ පාලක කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුත්‍රයාය. මහාවංශ කතෘවරයා දුටුගැමුණුහඳුන්වා දෙනුයේ ලංකාවේ අසෝක යන අන්වර්ථ නාමයෙනි.දුටුගැමුණු රජතුමා දාගැබ් නිර්මාණයෙහිලා ප්‍රමුඛතාවයක් දක්වන අතර ඔහු නිර්මාණය කල රුවන්වැලිසෑය සහ අභයගිරිය අද්විතීය නිර්මාණ ලෙස ඉතිහාසගතව ඇත.

Related image

රුවන්වැලිසෑය

Related image

අභයගිරිය

දෙවන ප්‍රධාන ආක්‍රමණය වන දකුණු ඉන්දීය පංචපාණ්ඩවයින්ගෙන් පලමුවැනියා වන පුලහත්ථ ගෙන් පසු පිළිවෙලින් බාහිය, පනයමාර, පිලයමාර, දාඨිය එකිනෙකා මරාගනිමින් රජවිය අවසානයේ රජවූ දාඨිය මරා වලගම්බා රජ (ක්‍රීස්තුවර්ෂ 89-77) රජ විය වලගම්බා රාජ සමයෙහි සිදුවූ වැදගත් සිදුවීමක් ලෙස මහාවිහාර (ථෙරවාද ) සහ අභයගිරි (මහායාන ) ගැටුමට පිළියමක් ලෙස පාලියෙන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම මාතලේ අළුවිහාරයේදී සිදුකිරීම පෙන්වා දිය හැක.

ලංකාවේ මුල්ම රැජිණිය ලෙස චෝරනාගට පසුව සිහසුනට පත්වූ අනුලා බිසව (ක්‍රිස්තුවර්ෂ 48-44 ) ඉතිහාසගත වෙයි. චෝරනාගට හා කුඩාතිස්සට වසදී මරුමුවට පත් කල අනුලා බිසව ආදරවන්තයින් කිහිපදෙනෙකුටම වසදී මරණයට පත්කිරීම පිළිබඳ ප්‍රසිද්ධය. ඇය අතින් අවසානයට මරුමුවට පත්වූයේ කුට්ටකන්නතිස්ස රජතුමාය.ලංකාවේ වැඩිම වැව් ප්‍රමාණයක් නිර්මාණය කල රජතුමා ලෙස වසභරජ(ක්‍රිස්තුවර්ෂ 67-111 ) හඳුන්වාදිය හැක. වල්ලිපුරම් රන්පතට අනුව එය සංඛ්‍යාත්මකව 11 පමණ වේ. ගජබාහු රජ (ක්‍රිස්තුවර්ෂ 114-136) විසින් චෝලයින් විසින් සිරකරුවන් ලෙස රඳවා තබාගත් 12000 ලාංකිකයින් බේරාගත් බව ඉතිහාසයේ සඳහන් වේ.

ථේරවාද මහාවිහාර භික්ෂූන් මහායාන භික්ෂූන්ව මර්ධනයට ගත් උත්සාහය මහසෙන් රජසමයේ (ක්‍රිස්තුවර්ෂ 274-301) වැදගත් සිදුවීමකි. මහසෙන් රජු පසුකාලීනව මහාවිහාරීය භික්ෂූන්ගේ පාර්ශවය ගෙන ජේතවනාරාමය සාදා නිමකර එය ථේරවාදී භික්ෂූන් සඳහා පූජා කරන ලදී. ඒ නිසා ථේරවාදය තුල තවත් නිකායක් ජේතවන නිකාය ලෙස ඇතිවිය.මහාවංශය ලියවෙන්නේ ධාතුසේන (ක්‍රිස්තුවර්ෂ 459-477) රජසමය තුලදීය.ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වූ මහානාම හිමි විසින් මහාවංශය ලියා ඇත. ධාතුසේන රජ කලාවැව නිර්මාණය කල අතර ඔහුගේ පුත් කාශ්‍යප රජු (ක්‍රිස්තුවර්ෂ 477-495) විසින් සීගිරිය නිර්මාණය කරන ලදී.

Image result for jethawanaramaya

ජේතවනාරාමය

Image result for sigiriya

සීගිරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *