වසර 62කට පසුව විශ්ව රූ රැජින තරඟයේ අවසන් වටයට ආ අපේ ක්‍රිස්ටිනා..(Video)

ඇය නමින් ක්‍රිස්ටිනා පීරිස්.1994 ජනවාරි 29 ඉපදුනු ඇයට දැන් වයස අවුරුදු 23ක් වෙනවා.රත්මලානෙ ඉපදුන ඇය කොළඹ දී මූලික අධ්‍යාපනය හදාරා පසුව ඇගේ මවගේ මිය යෑමත් සමග පවුල පිටින් අබුඩාබි බලා ගොස් තියෙනවා.ඉතිරි අධ්‍යාපන කටයුතු ඇය අබුඩාබි වල තමයි කරල තියෙන්නෙ.මේ වන විට ඇය මෝස්තර නිරූපන ශිල්පිණියක් විදිහට වැඩ කරනවා.ඇගේ සීය හා ආච්චි පිළිකා රෝගයකන් මිය යෑම නිසා ඇය උපයන මුදලින් කොටසක් කලක පටන් පිලිකා රෝගීනට වෙන් කරන බව සඳහන් වෙනවා.

මෙ අවුරුද්දෙ විශ්ව රූ රැජින තරඟය පැවැත්වුනේ නොවැම්බර් 26 වෙනිද ඇමරිකාවෙ ලාස් වේගාස් වලයි.65 වන වරට පැවැත්වුනු මෙම තරඟයට ලෝකයේ නන් දෙසින් ආ රූප රාජිනියන් 92 ක් සහභාගී වෙලා තියෙනවා.ඉන් 16ක් අවසන් මහා තරඟයට තේරීපත් වෙනකොට අපේ රටට ආඩම්බරයක් ගෙනදෙමින් අපේ ක්‍රිස්ටිනාත් ඒ අතර ඉන්නවා.

මීට පෙර වතාවකත් ලංකාවේ රූමතියක් වුන මොරීන් හින්ගර්ට් මේ විශ්ව රූ රැජින තරඟයේ අවසන් වටයට පැමිනිලා එහිදී ඇය 3වන ස්ථානය දිනාගෙන තියෙනවා.ඒ 1955 වර්ෂයේදීයි.ඉන් වසර 62කට පසුව තමයි මේ අවුරුද්දෙ ක්‍රිස්ටිනා පීරිස් අවසන් වටයට පැමිණුනේ…

ක්‍රිස්ටිනාගේ ඡායිරූප කිහිපයක් හා අය තරඟ කරන අවස්ථාවක වීඩියෝවක් ඔබ වෙනුවෙන්  පහතින් ඉදිරිපත් කර ඇත.

Image result for miss universe 2017 christina peiris

Image result for miss universe 2017 christina peiris

Related image

Related image

Related image

Related image

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *