The Battleship Island (2017)

2017 වර්ෂයේ තිරගත වූ සිනමා නිර්මාණ අතරින් බිහිවූ විශිෂ්ටතම සිනමා සිත්තමක් තමයි The Battleship Island කියන්නෙ. තමන්ගේ බඩවියත සදහා ඉතා කටුක, දුෂ්කර රැකියාවක් වන පතල් හෑරීම ජීවිකාව කරගත් අසරණ මිනිසුන් රැසක් ඔවුන්ට ඉතා වේදනාකාරී ලෙස පහරදෙමින් වහලුන්ට සේ සලකමින් බලහත්කාර ලෙස සිර කර ගෙන සිටින හෂීමා දූපතෙන්(The Battlefield Island) තමන්ගේ අයිතිය, නිදහස හා තම මව්බිම කරා ළඟා වීමට එම දූපතෙන් පැන ගැනීමට දරන උත්සාහය මෙම සුවිශිෂ්ට සිනමා සිත්තම මඟින් නිරූපණය කෙරේ.

හිට්ලර්ගේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව හා ජපානය අතර පැවති කුරිරු යුද සමයේ දී ජපානයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ අවි ආයුධ කර්මාන්තයත් සමඟ ජපානයේ නාගසාකි නගරය අසල පිහිටා ඇති හෂීමා දූපතෙහි ගල්අඟුරු පතල් හෑරීම සිදු කෙරුණි. මෙම දූපතෙහි පතල් රැකියාවෙහි නිරත වන කම්කරුවන් හට ඉතා කුරිරු ලෙස සලකමින් තාඩන, පීඩන සිදුකරමින් වහලුන් ලෙස රඳවාගෙන සිටියහ. මේ අතර රැකියා බලාපොරොත්තුවෙන් මෙහි පැමිණෙන කාන්තාවන් හට අත් වන්නෙ දරුණු ඉරණමකි. එනම්, මෙම කාන්තාවන් ගණිකාවන් ලෙස යෙදවීමයි. මෙය ජපානයේ නාගසාකි නගරයට පරමාණු බෝම්බ හෙලීමට ආසන්න සමයේදී සිදුවූ සත්‍ය පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය වූවකි.

ඉතින් වැඩි විස්තර කියන්නේ නෑ ඕක තමා සාරාශය … බලන්න වටින ෆිල්ම් එකක් මේකෙ සිංහල සබ්ටයිටල් baiscope,lk ‍වෙබ් එකෙත් බා ගන්න පුළුවං…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *