What Happened to Monday (2017) එකම නමක්..සහෝදරියන් හතක්…

මාතෘකාව දැක්කාම ඔයාලාට හිතෙනවා ඇති හත්දෙනෙක්ට කොහොමද එකම නමක් තියෙන්නේ කියලා. ඒක එහෙම තමයි. හත්දෙනාටම එකම නමක් තියෙන්නේ. හැබැයි ඒ පිටත ලෝකයට. එයාලා හත්දෙනා අතරේ එයාලා පාවිච්චි කරන්නේ වෙන නම් ටිකක්. ඒ නම් ටිකට කලින් මම කතාවේ ආරම්භය ගැන කියන්නම්. 2073 වසරේදී ලෝකයේ ජනගහනය අතිවිශාල ලෙස වැඩිවෙනවා. ජනගහනය වැඩි උනාම ඉතින් ආහාර සහ ජල ගැටලු තමයි ඉහලින්ම තියෙන්නේ. ඒවගේම තමයි මිනිස්සුන්ගේ වැඩ නිසා ස්වභාවධර්මයටත් හානි සිද්ධවෙනවා. ඊටපස්සේ වෙන්නේ ඉතින් ස්වභාවධර්මයත් කෝප වෙලා ජල ගැලීම්, නාය යෑම්, නියඟ වැනි තත්වයන් ඇතිකරනවා.
මොනදේ උනත් මනුස්සයා කියන කෙනා මේ දේවල් උනාට නිකන් ඉන්නේ නෑ. 2073දී සිද්ධවෙන ආහාර ගැටළුවට විද්‍යාවෙන් පිළිතුරු සොයාගන්නවා. හැබැයි අතුරු ප්‍රතිඵලත් විඳින්න වෙනවා. ඒ තමයි නිවුන් දරු උපත්. නිවුන් කිව්වාට එක මවකට එකවර දරුවන් 5ක් 6ක් 7ක් වගේ ලොකු ගානක්. ඉතින් මේක ජනගහන ප්‍රශ්නයට ප්‍රබලව බලපානවා. ඒ හේතුවෙන් රජයට යම්කිසි පියවරක් ගන්න වෙනවා. ඔවුන් යම්කිසි නීතියක් අරගෙන එනවා, එක පවුලකට ඉන්න පුලුවන් එක දරුවෙක් කියන නීතිය. එක මවකට එක දරුවෙකුට වඩා ලැබුනොත් එක දරුවෙක් හැරෙන්න අනික් හැමකෙනෙක්ම හිමායන නින්දට යොමු කරනවා. හිමායනය ගැන ඔයාලා මීට කලින් අහලා ඇති කියලා හිතනවා. ඉතින් කැරන් සෙට්මන් කියන කෙනාට දරුවන් හත්දෙනෙක් ලැබෙනවා. හැබැයි නීතියට අනුව එයාලා හත්දෙනාම තියාගන්න බෑ. ඒත් එයාලාගේ සීයා එයාලාව හොරෙන්ම හදාගන්න තීරණය කරනවා. මේ හත්දෙනාට නම් වශයෙන් දාන්නේ සතියේ දවස් හතේ නම්. හැබැයි ඒ නම් පාවිච්චි වෙන්නේ එයාලා අතරේ විතරයි. පිටත ලෝකයට එයාලා පාවිච්චි කරන්නේ එකම නමක්. මෙයාලා නිවුන් සහෝදරියන් නිසා ඒක ගැටළුවක් නෑ. මෙහෙම කිව්වාට හරියන්නේ නෑ ඔයාලා කතාව මුල ඉඳන්ම බලාගෙන යන එක තමයි වඩා හොඳ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *