Renegades (2017) බොස්නියානු වැව් පතුලේ රන් කොල්ලය

යුද්ධ.. යුද්ධ කියලා කියන්නේ ලෝකයේ ආරම්භයේ පටන්ම ගෝත්‍ර සමාජයන්හි සිට ශිෂ්ටාචාර බිහි වූ සමයේත් එතැන් සිට අද දක්වාත් නොනවත්වාම ලෝකය තුළ සිදුවෙමින් පවතින සිද්ධි සමුදායක්. යුද්ධ ගැන කතා කරද්දී සකල ලෝකවාසි ජනයාගේ මතකයේ රැදෙන ප්‍රධාන යුද්ධ කීපයක් ඇතිව තිබෙනවා. ඒ අතරින් පළවැනි ලෝක සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය විශේෂයි. දෙවැනි ලෝක යුද්ධය, ජර්මනිය හා මිත්‍ර පාක්ෂික රාජ්‍ය අතර ඇති වූ මෙම යුද්ධය දැනට ලොව බිහිසුනුම යුද්දය ලෙස සැලකෙනවා. ඊට අමතරව ලෝකය පුරාම කලාපිය වශයෙන් තවත් යුධ ගණනාවක්ම ඇතිව තිබෙනවා.

ඒ අතර ගල්ෆ් යුද්ධය, ඊශ්‍රායලය සහ මැදපෙරදිග අතර ඇති වූ දින සයේ යුධය, බොස්නියා යුද්ධය එලෙස ඇති වූ යුද්ධ කීපයක්. ඉතින් බොස්නියානු යුද්දය ගැන විමසා බැලීමක් කළොත් 1992 අප්‍රියෙල් 6වැනි දින බොස්නියානු යුද්ධය ආරම්භ වන්නේ සීමාමායිම් පිළිබද ගැටළුවක් මුල් කරගනිමින්. යුද්දය ආරම්භ වීමට සුළු කලකට පෙර RENEGADE නමින් හමුදා ඛණ්ඩයක් බොස්නියාව තුළ නිර්මාණය වී තිබෙනවා. එම පිරිස සරයේවෝ නගරය ආක්‍රමණය කිරීමත් සමග තමයි යුධය ආරම්භ වෙන්නේ.එලෙස ආරම්භ වූ යුද්ධය 1995 දෙසැම්බර් 14 දක්වා පුරා වසර තුනකට අධික කාලයක් පවතිනවා. යුද්ධය අවසන් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ප්‍රජාව විසින් NATO සංවිධානයද එම කලාපයේ ස්ථානගත කරවනු ලැබ සිටියා.

RENEGADES සිනමාපටය තිරගත වීම ආරම්භ කරන්නේ 2017 ජනවාරි 20වැනි දින ජර්මනියෙන්.ඩොලර් මිලියන 77.5ක බරපැන දරා නිපදවූ සිනමාපටය ඩොලර් 626,148ක මුදලක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. J.K SIMMONS, SULLIVEN STAPLETON, SYLVIA HOEKS, CHARLIE BEWLEY යන අය ප්‍රධාන රංගනයෙන් දායක වන අතර අධ්‍යක්ෂණය STEVEN QUALEගේ අතින් සිදුව තිබෙනවා. IMDBදර්ශකයේ 5.4ක අගයක් ලබා ගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

සිනමාපටය ආරම්භයෙදි දක්නට ලැබෙනවා නාසිවරුන් විසින් යුගෝස්ලෝවියාවට අයත් ග්‍රාවෝ ගම්මානය යටත් කරගෙන එහි වැසියන් මරා දමන ආකාරය. එමෙන්ම ඔවුන් කොල්ල කෑ විශාල රත්‍රන් තොගයක් එම ගම්මානයේ තැන්පත් කරමින් සිටියදී වේල්ල පුපුරා ගොස් සමස්ත ගම්මානයම ජලයෙන් යටව සැගව යන ආකාරය.ඉතින් එවකට යුගෝස්ලෝවියාව නමින් හැදින්වූ ප්‍රදේශය තමයි පසු කලකදී බොස්නියාව වෙන්නේ. බොස්නියානු සටන පැවැත්වෙන සමයක තමයි NATO සාම සාධක හමුදාවට අයත් සෙබළුන් පිරිසක් ප්‍රාදේශීය තරුණියක් හා එක්ව ජලයෙන් යටව සැගවී ගොස් කාලයාගේ අවෑමෙන් ලොවට අමතක වී ගිය මේ රත්‍රන් තොගය සොයා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ. ඉතින් මේ මෙහෙයුම කරගෙන යාමේදී ඔවුන්ට විවිධ බාධා එල්ල වෙනවා. විශාලම බාධකයක් වෙන්නේ බොස්නියානු හමුදාව.

එහෙමනම් අපි බලමු මේ රන් සොයා බොස්නියානු වැව් පතුලේ සිදු කරන මෙහෙයුම කිනම් අයුරකින් විසදේවිද කියා..

විවේකී සති අන්තයේ ඔබට බලන්න කියාපු චිත්‍රපටියක් කියල මේක හඳුන්වන්න කැමතියිඒ වගේම මේ චිත්‍රපටියෙ සිංහල උපසිරස ඔබට baiscope.lk අඩවියෙන් බා ගතහැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *