කොල්ලුපිටිය චීන හෝටයක ශීතකරණයක් ඇතුලෙ කබැල්ලාවෙක් පණපිටින්

පොලිස් හදිසි ඇමැතුම් අංශය (119) වෙත ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටිය වාලුකාරාම පාරේ පිහිටි චීන අවන්හලක අධි ශිතකරණයේ පණ පිටින් කැබැල්ලෑවකු දමා තිබියදී අද දහවල් බේරාගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

අඩි 4 දිග මෙම කැබැල්ලෑවා කිලෝ 6 ක බරකින් යුත් බවත් මොහු දුර්ලභ ගනයේ ආරක්ෂිත සත්වයෙක් බවත් සඳහන් කරන පොලීසිය මෙම කැබැල්ලෑවා ශිතකරණයේ දමා සිටි චීන ජාතික ප්‍රධාන සුපවේදියා  විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *