යහපත් ආකල්ප සංවර්ධනය – සමාජ ප්‍රගමනයට!

දවසක් නිමා වී දවසක් උදා වන විට ලෝකයේ සංවර්ධනය ගවු ගණනක් දුර ගොසින්ය. අධිවේගී මාර්ග, අහස උසට ගොඩනැගිලි, අන්තර්ජාල, ස්මාර්ට් ෆෝන්, න්‍යෂ්ටික අවි ආදී නොයෙක් ක්‍ෂේත‍්‍රයන් සංවර්ධනයේ ඉහළම ඵල නෙලා ගනිමින් ඇත. එහෙත් මිනිසාගේ සිිතුම් පැතුම්, ආකල්ප මෙම භෞතික සංවර්ධනයන් සමඟ බැදී සාර්ථක ප‍්‍රතිඵල ලබා ගෙන ඇද්දැයි විමසා බලනු වටී.

සිතුම් පැතුම්, ආකල්ප යනු පුද්ගල සමාජය තුල පුද්ගල කාර්ය භාරයක් හිමි වන්නා සේම අතිශය වැදගත් ම අංගයකි. ආකල්ප මිනිසා මිිනිසෙකු ලෙස ජීවත් කරනවා යැයි කීම වඩාත් නිවැරදි ය. ආකල්ප මිනිස් පෞරුෂය කෙරෙහි ද විවිධ අයුරින් බලපෑම් ඇති කරයි. පුද්ගලයාගෙන්, පුද්ගලයාට මුහුණ දෙන අවස්ථා හා එහි ස්වභාවය, සමාජ වටපිටාව මත ආකල්ප වෙනස් වන්නකි. අප නොදැනුවත්ව ම මේ ආකල්ප මගින් අපගේ ජීවිතය පාලනය කරයි.

මිනිස් ආකල්ප සංවර්ධනය කළ යුත්තේ කුඩා අවදියේ පටන් ය. මෙයට දිය හැකි සරල නිදසුනක් එක්වර ම මතකයට නැගුණි. ජපානයේ සියලුම පාසල් දූ දරුවන් ඔවුන් එදිනෙදා භාවිතා කරන වැසිකිළිය මසකට වරක් හෝ දෙවරක් පිරිසිදු කළ යුතුය. මෙය පළමු ශ්‍රේණියේ පාසල් දරුවන් ද කිසිදු පැකිලීමකින් තොරව සිදු කරන කටයුත්තකි. ඒ සඳහා ඔවුන් සමඟ පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය සහභාගී වේ. පන්ති කාමර සංස්කෘතිය තුල තිබෙන එක් වටිනා පාඩමකි. මෙය ජපානය වැනි රටක පිරිසිදු කරන්නන් නොමැති නිසා හෝ ගෙවීම් සිදු කිරීම අපහසු නිසා හෝ පාසල් සිසුන් ලවා සිදු කරන කටයුත්තක් නොවන බව ඉඳුරාම පැහැදිලි ය. රැකියාව මත හෝ උගත් කම මත හෝ මිනිසුන් වර්ග නොකළ යුතු බවත් සියල්ලන්ම සමාන බවත් ඔවුන් පොතෙන් පමණක් නොව ප‍්‍රායෝගිකව ද ඉගෙන ගනී. ජපානයේ පිරිසිදුකරන්නන් හදුන්වන්නේ පවිත‍්‍රකාරක ඉංජිනේරුවන් ලෙසය. මේ සිදුවිම ශ‍්‍රී ලංකාවේ සිදු වූයේ නම් පසුදින උදෑසන දෙමව්පියන් විසින් පාසල වටලා උපවාස උද්ඝෝෂණ පවත්වනවා නිසැකය. පුද්ගල ආකල්ප සංවර්ධනය ආරම්භ විය යුත්තේ පන්ති කාමරයෙනි.

වර්තමානයේ පවුලේ, පාසලේ, සමාජයේ රැුකියා ස්ථානයේ මෙන්ම රටේ දියුණුව සඳහා ද යහපත් ආකල්ප වර්ධනයේ අවශ්‍යතාව මතුවෙමින් පවතී. කිසියම් සමාජ ආකල්පයක් සෘණාත්මක හෝ ධනාත්මක වීමට බලපාන සාධක රාශියකි. කිසියම් පුද්ගලයෙකු සතු මනෝභාවය, ඒ පුද්ගලයා සමාජයෙහි සෙසු පුද්ගලයන් හා කටයුතු කරන, හැසිරෙන ආකාරය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපානු ලබන්නේ සෘණාත්මක හෝ ධණාත්මක ආකල්පයි. කිසියම් සමාජ ආකල්පයක් ගොඩනැගීම සඳහා පුද්ගල ආකල්ප හේතු සාධක වේ. මෙම හේතුව නිසා පුද්ගල ආකල්ප වල බලපෑම සමාජ ආකල්ප සකස් වී කෙරෙහි සෘජු බලපෑමක් සිදු කරන බව පිළිගැනීමට සිදු වේ. අප වර්තමානයේ සමාජය, ආකල්පමය වශයෙන් දූෂිත යැයි පවසන්නේ වර්තමාන සමාජ ආකල්පමය වශයෙන් දුර්වලව ඇති හෙයිනි.

තවත් සරල උදාහරණයක් ගෙනහැර දදක්වන්නේ නම්, තම දරුවා පාසලේ විභාග ප‍්‍රතිඵල රැුගෙන ආ විට දෙමව්පියන්, තම දරුවා අගය කිරීම, වර්ණනා කිරීම, දිරිමත් කිරීම පසෙක ලා අසන්නේ අහවලාගේ ලකුණු කීය ද?, අහවලාගේ ලකුණු කීය ද? යන්නයිි. එවිට දරුවාට ඇතිවන්නේ ඔහුගේ යහළුවන් පිළිබඳ වෛරයකි. ඊර්ෂ්‍යාවකිි, කුහක කමකි. ඉන් දරුවාට සිදු වන මානසික ව්‍යකූලත්වය නිසා ආකල්ප සංවර්ධනයට කුමක් සිදුවේ දැයි දෙමාපියන් සිතන්නේ නැත.

ජාති, ආගම්, කුල ආදි පන්ති පරතර නිර්මාණය කිරීම තුළ මිනිසුන්ගේ සෘණාත්මක ආකල්ප බලපෑ බව අතීතයේ සිට වර්තමානය දක්වා වූ සිද්ධිදාමයන් සාක්‍ෂි ගෙනෙයි. විශ්ව විද්‍යාල ආදී උසස් අධ්‍යාපන අධ්‍යාපන ආයතන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ආදි රැුකියා පරිසරය තුළ ප‍්‍රධානීන්ගේ ඔවුන් ‘ප‍්‍රධානීන් ’ යැයි සිතන අධි මානසික ආකල්ප ක‍්‍රියාත්මක වීම තුලද, ඇති වන පීඩනය පහර ස්ථරවලට නිරන්තර බලපෑම් සිදුකරයි. දේශපාලන, සංස්කෘතික වටපිටාවට ආකල්ප වලින් වන බලපෑම අප ලාංකික සමාජයේ දැකිය හැකි සුලබ දසුනකි.

ජපන් ජාතිකයන් පිළිබඳ තවත් නිදසුනක් ගෙන ඒමට සිත්වූයේ, ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය පිළිබඳ ඇති ගෞරවය නිසාය. ජපන් ජාතිකයන් සමාජය පිළිබඳ එකිනෙකා පිළිබඳ ඇති ගෞරවය හා ආචාරශීලි බව ඉතාමත් ඉහළ මට්ටමකට එසවී පෙනෙන්නකි. ජපානයේ දුම්රිය තුළ හෝ බස් රථ තුළ, ආපනශාලා වල, දුරකතන ඇමතුම් භාවිතා නොකරයි. දුරකතන නාද වීම, ඇමතුම් ලබා ගැනීම දුරකතන සංවාද නිසා අවට සිිටින්නන්ට සිදු වන අපහසුතාවය නිසා ඔවුන් දුරකථන ඇමතුම් ලබා ගැනීමක් සිදු නොකරයිි. මෙය නීතීයක් නොව, සදාචාරාත්මක රීතිියකි. මෙය ඉතා සුළුකොට තැකිය නැති යැයි සිතිය මුත් ඔවුන්ගේ සංවර්ධිත ආකල්පමය සිතුවිලි සුළු කොට තැකිය හැකි ද?

ඍණාත්මක ආකල්පවලින් යුත් සමාජයේ යම් යම් සමාජාකල්ප ඇතැම් විට රට විනාශ මුඛයට ඇද දැමීමට සමත් වූ අවස්ථා එමටය. මතුපිටින් භෞතිකව නොපෙනුණත්, ඇතැම් අවස්ථාවල දී සොර සතුරන් කරන හානියට වඩා වැඩිි හානියක් ඍණාත්මක සමාජාකල්ප සිදු නොවන බව පැහැදිලිව දැකිය හැකි කරුණකි. ඍණාත්මක සාමාජාකල්ප වලින් යුතු මිනිසුන් සමූහයක් එක්වී එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ සමාජ ස්ථරයකට මානසිික හා සාමාජික මට්ටම් බිඳ දැමීම ක‍්‍රියාත්මක වේ. මින් සිදුවන සමාජ හානිය පිළිබඳව බොහෝ පුද්ගලයන්ට හෝ පුද්ගල සමාජයට නිසි අවබෝධයක් නොමැති බැවින් සමාජය පුරා වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝදය, පළිගැනීම, කුහක කම, එකිනෙකා කෙටවීම, දැඩි ආශාව වැනි විවිධ ඍණාත්මක ආකල්ප හට ගැනීමට ඉවහල් වන වටපිටාවක් නිර්මාණය වීමට පසුබිම සැකසේ. වර්තමාන සමාජයේ සමාජ සම්බන්ධතා තුල පවතින අසහනය හා කළකිරීම මිනිස් ආකල්ප සංංවර්ධනය නොවීමේ අහිතකර ප‍්‍රතිඵලයකි. සුභවාදී ආකල්ප වර්ධනය පන්ති කාමරයෙන් පටන්ගත යුතු අතර, එය ප‍්‍රායෝගිකව අත්විඳීමට ද ඉඩ සැලැස්විය යුතු කරුණක් වන අතර, එය නූතන පුද්ගල සමාජ කෙරෙහි ද ව්‍යාප්ත කළ යුතු බීජයකි. මන්ද නිමිසකුගේ ජීවිත වෙනස් කිරීමට පළමුව ඔහුගේ ආකල්ප වෙනස් කළ යුතුය. ඒ ඔහුගේ ආකල්ප ඔහුගේ ජීවීතය බවට පත්වන නිසාවෙන්ය.

ප‍්‍රබෝධ්‍යා විජේතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *