අමරණීයත්වය ගැන – බර්ට්‍රන්ඩ් රසල්

ආගම පවතින්නේ ඇයි?  “යහපත් ජීවිතයක්” යන්නෙහි සැබෑ අරුත කුමක්ද?

මිනිසාගේ ක්‍රියාකාරකම් වලදී, සන්තුෂ්ටියට හේතුවන බලවේගත් දුක්ඛිතභාවයට හේතුවන බලවේගත් ක්‍රියාත්මක වන බව අපට පෙනනෙන්න තිබෙනවා. අපි දන්නෙ නැහැ මේ බලවේග දෙකෙන් කුමක් ජයගන්නවාදැයි කියා, නමුත් ඒ දෙකම ගැන අවධානයෙන් සිටිමින් ප්‍රඥාවන්තව කටයුතු කිරීම කළ යුතුයි.

සම්පූර්ණත්වයක් නොලබන සොයායාමක් ගෙන එන ආහ්ලාදජනක බැඳීමේ රසයට වෙනස් වන්නාවූ හෝ වෙනත් යමක් ගැන හෝ සීතීම අපහසුයි. එය, මහා උස් කන්දක් නැගීමෙන් අනතුරුව එහි මුදුනේ ජින්ජර් බියර් විකුණන අවන්හලක් හමුවුණා වාගෙයි, මිහිදුමෙන් වටවුණ එහෙත් රේඩියෝ තාක්‍ෂණයෙන් පෝෂිත තැනක් හමුවුණා වගෙයි.

අප “සිතිවිලි” යැයි හඳුන්වන දේවල් මොළය තුළ ඇති සංවිධානගත මාර්ග පද්ධති මත පදනම් වන බව පෙනෙන්නට තිබෙනවා, හරියටම මහාමාර්ග සහ දුම්රිය මාර්ග මත ගමනාගමනය පදනම් වෙනවා හා සමාන හැටියකට. සිතීමට ප්‍රයා්ජනයට ගැනෙනා ශක්තිය රසායනික මූලයන් ගෙන් පැන නගින බව පෙනෙනවා; උදාහරණයක් හැටියට අයඩීන් ඌනතාවයට පුළුවන් දක්‍ෂ මිනිහෙක්ව මුග්ධයෙකු කරන්න. මානසික සංසිද්ධි භෞතික ව්‍යුහය සමග බැඳී පවතින බව පෙනෙන්න තිබෙනවා.

දෙවියන්වහන්සේ සහ අමරණීයත්වය … විද්‍යාවෙන් කිසි සහායක් ලබන්නේ නැහැ … කිසි සැකයක් නැහැ, මිනිස්සු දිගින් දිගටම මේ විශ්වාසයන් ගෙන් වින්දනයක් ලබාවි, මක්නිසාදයත් ඒවා ප්‍රියජනක නිසා, හරියට අප සද්ගුණවත් අය බවත් අපේ ප්‍රතිවාදීන්  දුෂ්ට අය බවත් සිතීම ප්‍රිජනකවන්නාක් මෙන්. නමුත් මගේ කොටසේදී ඒ දෙකෙන් එකකටවත් පදනමක් මට පෙනෙන්න නැහැ.

විද්‍යාව සැලකිල්ලට ගතහොත් පුද්ගලයා යැයි කියන්නේ එදිනෙදා ලෝකයේම කොටසක්, ඔහුගේ පැවැත්ම නිර්ණය කෙරෙන කොන්දේසි සොයා ගත හැකියි. දිය බිඳුවක් අමරණීය නැහැ; අවසානයේ එය ඔක්සිජන් සහ හයිඩ්‍රජන් බවට පත් කළ හැකියි. දිය බිඳුවකට විසිරීයාමට ලක්වීමෙන් ආරක්‍ෂාවීමට නම් එහි ඇති ද්‍රවමය ගුණය පවත්වාගෙන යා යුතු ය යන සිතිවිල්ල අප තුළ සංශයකට මග පාදනවා ඇති. එක්තරා ආකාරයකට අපි දැනසිටිනවා මොළය අමරණීය නැති බව, එය ජීවී ශරීරයක් බවට පත්වන සංවිධානගත ශක්තිය වන බව, එය මරණයේදී සිය කාර්ය කොටසෙන් මිදෙන නිසා තවදුරටත් සාමූහික ක්‍රියාකාරකම් සඳහා වැඩෙහි යෙදී පවතින්නේ නැහැ. සියලු හෝඩුවාවන් ගොනුවන්නේ අපගේ මානසික ජීවිතය මොළයේ ව්‍යුහය සහ සංවිධානගත ශාරීරික ශක්ති පද්ධතියක් සමග බැඳී පවතින බව කුළුගැන්වෙන තැනකටයි. ඒනිසා ශාරීරික ජීවය ඇණහිටින තැන මානසික ජීවයත් ඇණහිටිවා යැයි සිතීම තර්කාන්විතයි. මේ තර්කය එක් සම්භාවිතවක් පමණයි, එහෙත් එය ඉතා විද්‍යානුකූල නිගමනයක් මත පදනම් වූවක් තරමට ම ශක්තිමත්.

අමරණීයත්වය පිළිබඳ විශ්වාස කරන අය (පුද්ගලික අමරණීයත්වයට පටහැනි) කායකර්මවේදී තර්ක වලට විරුද්ධවනවා ඇති, ආත්මය සහ ශරීරය මුලුමනින්ම විශම වන්නේය යන පදනම මත හිඳ සහ ආත්මය යනු ශරීර ඉන්ද්‍රියන්ගේ ප්‍රත්‍යක්‍ෂ විද්‍යාමානවීමට බාහිරින් ඇති කිසියම් දෙයක් හැටියට ගෙන. මා විශ්වාස කරන්නේ මෙය පාරභෞතික මිත්‍යා ඇදහීමක් හැටියටයි. මනස සහ විෂය එකවාගේ ම උචිත යෙදුම් නිශ්චිත අභිමතාර්ථ වර්ගයක් සඳහා, නමුත් එවා පරම යථාර්ථයන් නොවෙයි. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන යන ඒවාත් ආත්මය වාගේම තාර්කික කල්පිතයන්; ඒ එකක් එකක් ඇත්තවශයෙන්ම ගතහොත් ඉතිහාසයක්, සිද්ධි මාලාවක්, තනිව ගත හැකි නොනැසී පවත්නා භාවයක් නොවෙයි. ආත්මය ගැන කාරණය ගැනීමේදී එය වර්ධනය පිළිබඳ සාධක තුලින් ප්‍රකටවන සුලුයි. ප්‍රතිසන්ධිය, ගැබෙහි ගත කරන කාලය සහ ළදරු විය යන කාරණා සැලකිල්ට ගන්නා කවුරුන් හෝ කෙනෙකුට, බරපතල ලෙස විශ්වාසයට ගන්න බැහැ ආත්මය යනු බෙදීමට ලක් නො වී පවතින යමක් බව. ආත්මයත් ශරීරය වැනිවම වූ වර්ධනයක පවතින බවට වන හෝඩුවාවක් එය, ඒවාගේම එහි පැවැත්ම හට ගැනෙන්නේ ශුක්‍රාණුවකින් සහ බීජාණුවකින් වන නිසා නොබෙදී පැවැත්මක් සහිත විය නොහැකියි.

මේ භෞතිකවාදය නොවෙයි: මේ හුදෙක් සිත්ගන්නාසුලු දෑ සියල්ල කාර්ය සංවිධානයක විෂයක් මිස ප්‍රාථමික ධාතූන් වල දෙයක් නොවන බවට හඳුනාගැනීමක් පමණයි.

(ඉතිරිය ලබන සතියට … )

අනුවාදය:

අඛිල රන්සිරි මලලගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *