දිවුල්ගනේ “මේ සිහින හරි පුදුමයි” සමඟ නැවත!

ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ සිය නවත ම ගී නිර්මාණ සමුච්ඡය ජනගත කරන්නට සූදානම් වෙයි. ලාංකේය රසික ජනහද මනෝරංජනය කළ දිවුල්ගනේගේ ගී එදා මෙදා සියලු සහෘද ජන සිත් ආකර්ශනය කළේ ය.

නෙතට උළෙලක්‌ (1994), නිල් දියවර (98), සංහිඳ පාමුල (2000) සහ තරු එළිය දිගේ (2005) යන ගීත එකතූන් ඔහු මෙයට පෙර එළි දැක්වූයේ ය. මේ ගී එකතුව ඒ අනුව එළිදකින්නේ වසර 10ක පමණ දීර්ඝ කාලයකට පසුව ය. නව ගීත එකතුව නම් කර ඇත්තේ මේ “සිහින හරි පුදුමයි” යනුවෙනි.

නිල් දියවර නම් ප්‍රසංගයකින් මේ නව ගී එකතුව ජනගත කරන්නට කටයුතු යොදා ඇත. එළැඹෙන 25 වැනි දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී මේ ප්‍රසංගය සහ ගී එකතුව එළිදැක්වීම සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *