ගයා රම්‍ය අල්විස් “අසූ තුන ආකාසෙ” ගෙනෙයි!

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන ගයා රම්‍ය අල්විස් සිය පළමු කවි එකතුව මේ මස 30වැනිදා එළි දක්වන්නට නියමිත ය. එය අසූ තුන ආකාසෙ නමින් නම් කර ඇත. ගයා රම්‍ය අල්විස් කොළඹ යුගයේ ප්‍රකට කිවියර සේ ම ප්‍රවීණ ගීපද රචක ඩෝල්ටන් අල්විසුන්ගේ පුත්‍රයෙකි.

ගයාගේ පළමු කාව්‍ය සංග්‍රහය වන මෙහි, වෙනස් කාව්‍ය නිර්මාණ සමුච්ඡයක් ගැබ්ව ඇති බව දැනගන්නට ඇත.

පොත ජනගත කිරීමේ උළෙලේ දී ගැයුමන් සමන් ලෙනින් ඇතුළු පිරිස ඉදිරිපත් කරති. මුඛ්‍ය දෙසුම ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්ගෙනි. ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රවීණ නළු සුමින්ද සිරිසේනයන් ය.

මේ අවස්ථාව තමන් සමඟ බෙදාගන්නට මාර්තු 30 වැනි දා මහවැලි කේන්ද්‍රය වෙත පැමිණෙන ලෙස ගයා සැමට ආරාධනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *