Inside (2016) වියරු පළිගැනීම

වර්ථමානයේදී කෙතරම් අනතුරු සිද්ධ වෙනවද?දවසකට ජීවිත කීයක්නම් නැති වෙනවා ඇත්ද?මේ මුළු ලෝකයෙන්ම.හැබැයි සමහරු මාරාන්තික අනතුරු වලින් බේරෙනවා.ඒත් ඉතින් ඇයි මෙහෙම දේවල් වෙන්නෙ.ගොඩක්ම මිනිස්සුන්ගෙ තියෙන නොසැලිකිලිමත්කම නිසයි.අපි වැරැද්ද කරාට පස්සෙ තමයි ගොඩක්ම කණගාටු වෙන්නෙ.ඔන්න ඔය වගේ දෙයක් තමයි සාරාටත් වෙන්නෙ,

සාරා කියන්නෙ ගැබ්ගෙන සිටින කාන්තාවක්.දවසක් රෑ ඇයගෙ සැමිය සමග දොස්තර හමුවී එනින් ගමන් ඇයට දැනෙනවා දරුව පයින් ගසනව වගේ හැගීමක්.ඇය ගොඩක් සතුටු වෙනවා.අන්න මෙතනදි තමන් කරන වැඩේ ගැන අමතක වෙනවා.ඒ ඇය වාහනය එලවන ගමන් සිටින්නෙ.ඉතින් ඔතනදී වාහන දෙකක් හැප්පෙනවා.හැබැයි අවාසනාවන්ත ලෙස සාරාගෙ සැමියා මිය යනව.නමුත් සාර සහ ඇයගෙ ලෝකය තවම නොදුටු දරුවත් මෙම අනතුරෙන් බේරෙනවා.කාලය ගත් වෙනවා.සාරා කවදාවත්ම ආයෙ වාහන එලවන්නෙ නැහැ.මොකද එයින් අතීතයෙ උනු දේවල් මතක් වෙන නිසා.දවසක් සාරා ගෙදරට අමුතු ආගන්තුකයෙක් එනවා.ඇය කාන්තාවක්.මැය සාරාගෙ ගේ ඇතුළට බලෙන් උත්සහ කරනව නමුත් සාරා පොලීසියට කතා කරනවා ඒ වෙනකොටත් ඇය ගිහින් පසුව නැවතත් ඇය පැමිණෙනවා.සාරාට ගැබිනි මාතාවක් ලෙස නොබල ඇයට කෘර වද හිංසාවට ලක් කරනව.ඒත් මැය කවුද?ඇයි ඇය සාරාට එහෙම දෙයක් කරන්නෙ?මොන හේතුවකටද?

මේ සති අන්තයේ බලන්නම වටින චිත්‍රපටියක්.. මේකෙ සිංහල උපසිරස බයිස්කොප් වෙබ් අඩවියෙන් ඕගොල්ලන්ට බා ගන්නත් පුළුවං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *