ජැකා සුද්ධෝදන පරපුර හයි ජැක් කරයි

ජැක්සන් ඇන්තනී යනු මීට දශක කීපයකට ඉහත දී බිහි වී කලකට ඉහතදී වියැකී ගිය අග්‍රගණයේ කලා කරුවෙකි. අප එසේ සඳහන් කරන්නේ ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා ශ්‍රී ලංකාවේ පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයට තම ආත්මයම සින්නක්කරව විකුණා දැමූ අයෙක් බව කලාව සහ ලංකාවේ දේශපාලනය දන්නෝ දන්නා නිසාය.

කෙසේ හෝ ජැක්සන් ඇන්තනී නොහොත් ආදරණීය ජැකා ඔහුගේ ආත්මය පාවා දුන්නාට ණය නැත. ඒ ජැකා තම ආත්මය පමණක් නොව තිබූ සියලු සකලමනාවම කිසිඳු හිරිකිතියෙකින් තොරව රාජපක්ෂලා වෙනුවෙන් ඉහළම මිලට අලෙවි කරගැනීමට සමත් වූ නිසාවෙනි.

රාජපක්ෂ රෙජීමයෙන් ගොඩ ගිය කලාකරු ලැයිස්තුවේ අංක එක ජැකාය. ජැකාටම අයිති සමාගම් ගොඩනැගින. පරණවිතාන සූරීන්ගෙන් පසු ඉතිහාසය යළි කියවන ලද්දේ ජැකා ගානට ගෙනාවේය. දීපවංශ, ථුපවංශ, මහාවංශ වලින් පසුව මෑත ඉතිහාසයේ ජැකා සහ එල්ලාවල මේදානන්ද නැමැති හිමිනම එක්ව ලියන්නට ගිය ‘රාජපක්ෂවංශය’ නොලියා බේරාගැනීමට හැකි වූයේ 2015 ජනවාරි 08 ට පිං සිදුවන්නය.

නළු බට්ටෙක්ව ආ ජැකා අවසානයේ රටේ මහා ප්‍රාඥයා (ඩීල්දාසට යම් අපහසුවක් වී නම් කමා කළ මැන) බවට පත්විය. ජැකාගේ බුද්ධි ඝෝචරත්වය සහ ඉතිහාසය පිළිබඳ ඥානය කෙතරම් මුහුකුරා ගියේ කෙසේද යත්, අප මහා ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර සිදුහත් කුමාර උප්පත්තිය ලද එම සුද්ධෝදන පරපුර, බෙලිඅත්තේ මැදමූලන උපන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් ලොකු මල්ලීගේ පරපුරට සැට් කිරීමට තරම් ඔහු දක්ෂ පඬිවරයෙකු විය.

දැන් එහෙව් ජැකා තම දියණිය සුද්ධෝදන පරපුරට නෑ කම් කියන පර්සි මහින්දගේ රාජපක්ෂ පරපුරට සැට් කිරීමට තරම් අතිදක්ෂ වී ඇත. රෙදි නැතුව කඩේ ගියත් ජැකා අති දක්ෂ සැට කපටයෙක් බව කියයුතු නොවේද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *