මගේ ජීවිතේ වෙනසක් ලගදීම සිදුවෙයි… නෙතූ ප්‍රියංගිකා

වත්මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ  නිතර දකින තරුවක් තමයි නෙතූ ප්‍රියංගිකා කියන්නෙ. ඇය මේ වන විට අපට වැඩිපුර දකින්න ලැබෙන්නෙ ජාතික රූපවාහිනිය හරහා විකාශය වන  විමංසා ටෙලි නාට්‍ය තුලින්. බොහොම කාර්‍ය්‍යබහුල මොහොතක අප හා දොඩමලුවන්නට ඇය එක්වුනා.

ඉතින්  නෙතූ කොහොමද විස්තර ?

හොදයි ඉතින් මේ දවස්වල ටිකක් කාර්‍ය්‍යබහුලයි. මෙගා ටෙලි නාට්‍යයක් වන විමංසා වල රෑපගතකිරීම් දිගටම සිදුවෙනවා. ඔයාලට ඒක බලාගන්න පුලුවන් ජාතික රූපවාහිනියෙන් සතියේ දවස්වල රාත්‍රී 8.30ට. ඊට අතරව වෙළද දැන්වීම් කිහිපයකත් පුංචි දරුවන් වෙනුවෙන් කරන සිනමා පටයක් වන ඇලඩින්ගේ පුදුම පහන රෑගත කිරීම් තිබුනා.

ඔබ වෙළද සන්නාම තානාපතිනියක් විදියට අපි රූපවාහිනියෙන් දැක්කා. දැන් වැඩිය පෙන්න නෑ ?

මේ දවස්වල වැඩකටයුතු නිසා මොහොතකට ඒකට සම්බන්ධ වෙන්න බැරි උනා. ඒත් පුලුවන් හැම වෙලාවෙම ස්වර්ණවාහිණියෙන් විකාශය වන උදෑසන වැඩසටහනට සහභාගී වෙලා ප්‍රේක්ෂකයන් හට අලුත් අත්දැකීමක් එක්කරන්නත් සූදානම්.

 

නෙතූ මොනවගේ කෙනෙක්ද ?

මම සාමාන්‍ය කෙනෙක්. රංගනය නිසා අපි රටේ ප්‍රසිද්ධ වුනාම අපිට ලැබෙන ප්‍රේක්ෂක ආදරය, ගරුත්වය රැක ගන්න අපි දැනගන්න ඕන. ඒ නැතත් මම මගේ චරිතයේ ගරුත්වය වෘත්තීය ගරුත්වය රැකගෙන කටයුතු කරන කෙනෙක්.

විමංසාට මොකද වෙන්නෙ ?

පුවත්පත් කලාවට විමංසා ආගන්තුකයි, ඇයගේ පියා පුවත්පත් කලාවේදියෙක්. ඔහුගේ සත්‍ය වෙනුවෙන් නිතරම පෙනී සිටි කෙනෙක් නිසා පැහැරගැනීමකට ලක්වෙනවා. ඔහුගේ දියණිය වන විමංසා ඔහු සොයා පුවත්පත් කාර්යාලයට පැමිණෙනවා. පියා පැහැරගත්බව දැන්ගන්නා ඇය පසුව පුවත්පත් ආයතනයේ සේවයට බදවා ගන්නවා. ඒ පියාට කරන උපහාරයක් විදියට. පුවත්පත් කලාවේ ඉසව්වක් නොදන්නා ඇය ලියන ලිපි සමා

ජයේ විවේචනයට බදුන්වෙනවා. එපමණක් නොව ආයතනයේ ප්‍රධානියාගේද විවේචනයට බදුන්වෙනවා. මේ හරහා ඇය සිය රැකියාවට සමුදෙයිද ? අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යයිද ? ඇය සිය පියා සොයා ගනීවිද ? මේ සියල්ලට පිළිතුරු දෙන්නවාට වඩා විමංසා බලන්න කියල මම ඉල්ලා සිටිනවා.

ප්‍රේක්ෂක ආදරය ලබන  නෙතූගෙ ආදරය කාටහරි දීලද?

අනේ තවම නැහැ. මට ඒ හිතන්න වෙලාවක් වෙන් කරගන්නත් බැහැ. මේ මගේ සාර්ථක කාලසීමාව. මේ මහන්සිවෙලා වැඩකරන වෙලාවෙ ආදරයක් ගැන හිතන්නෙ නැහැ. මොකද ආදරය කියන්නෙ ගෞරවණීය දෙයක්. අතපසුවීම් වෙන්න දෙන්න බැහැ. මමත් ආදරේ ලබන්න කැමතියි. ඒත් මේ ඒකට කාලය නෙමෙයි.

ඒ කියන්නෙ නෙතූ හැමදාම තනියෙන් ඉදීවිද ?

එහෙම කියන්න බැහැ. මම මගේ ජීවිතේ වටිනා තීන්දු ගන්න කලබල වෙන්නෙ නැහැ. ආදරය ගැන තීන්දුවක් ගත්ත ගමන් ඉස්සරවෙලාම ඔයාලට කියන්නම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *