පළතුරු පූජා!

එක්තරා අසපු නිකායික තෙර නමක් සේරුවිල චෛත්‍යය වටා මහා පළතුරු පූජාවක් පවත්වනු ලැබූහ. එසේ මෙසේ නොවූ එම පූජාවට පළතුරු ටොන් ගණනාවක් වැය වුණු බව දක්නට ලැබුණි. තවමත් අප රටේ ඈත දුෂ්කර ප‍්‍රදේශවල මිදි ගෙඩියක් ඇහැටවත් නොදුටු දරුවන් බොහෝ පිරිසක් තවමත් සිටින බව නිසැකව කිව හැකි ය. මෙවැනි අමන ක්‍රියාවන් අපට හැඳින්විය හැක්කේ බුද්ධ පූජාවන් ලෙස නොව ප‍්‍රාග් බෞද්ධ යුගයේ බ‍්‍රාහ්මණයන් පැවැත්වූ තාලයේ යාගයන් ලෙස ය.

බුද්ධ පූජාව ගැන 1934 දී පමණ – ගෞරවාර්හ, එදෙස මෙදෙස පතළ බුද්ධ පුත‍්‍රයාණෝ කෙනෙකු වූ මහාචාර්ය වල්පොළ රාහුල තෙරණුවන් තම ලිපියක දී පැවැසූ මෙබන්දක් මෙහි දී සිහකටයුතු ය.

‘‘ ආහාර පානාදී බාහිර දේවල් උසස් හැටියට හැඟෙන්නේ අභ්‍යන්තර දියුණුව අඩු පමණටය. තිරිසනාට සියල්ලටම වඩා උතුම් දෙය ආහාරයයි. ඥානයෙන් සහ ගුණයෙන් දියුණු නොවූ කල්හි වැඩුණු මනුෂ්‍යයා තුළ ද ඒ අදහස එසේ ම ය.
ශීල, සමාධි, ප‍්‍රඥාවන්ගෙන් අග තැන්පත් බුදුරජාණන් වහන්සේ වැනි උතුමකුට, උන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදහස් පන්සියයකට පසුත්, ආහාරපාන වර්ගවලින් ගරු කරන්නට සිතීම අපේ අභ්‍යන්තර ගුණ දහම් දියුණුවේ අඩුකම විදහා පෑමකි. බාහිර දෙයිකින් උන්වහන්සේට සෑහෙන ගෞරවයක් කරන්නට අපට පුළුවන්කමක් නැත. තමන් වහන්සේට ගෞරවය ප‍්‍රතිපත්ති පූජාව බව තථාගතයන් වහන්සේ විසින් බලවත් ලෙස දේශනා කරන ලදී.


එසේ ම, අද අපට උන්වහන්සේගේ ප‍්‍රයෝජනය පිණිස දානයක් දිය නොහැකි බැවින්, අප විසින් කළ යුත්තේ නිරාහාරව කුස ගින්නෙන් පෙළෙන අසරණයන්ට ඒ වෙනුවෙන් සංග‍්‍රහ කිරීමයි. එය උන් වහන්සේට කරන ගෞරවයකි.’’

මහාචාර්ය වල්පොල රාහුල හිමි
සත්‍යෝදය කතා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *