සබරගමුව හෙල්ලූ මඩුවන්වෙල මහදිසාවගේ පුරාවෘත්ත – 01

සුද්දාට කොකා පෙන්වූ සබරගමුවේ මහා කලු සිංහලයා. මඩුවන්වෙල මහ දිසාව. සුදු ජාතිකයන් සමග කෙතරම් උරණව සිටියාද කිවහොත් එවකට සිටි බ්‍රිතාන්‍ය මහරැජිනගේ රුව සහිත කාසි ගෙබිම මත අල්ලා තිබුණි. මහා බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද පිගන් කෑලි වලට කඩා දෙපයට පෑගෙන පරිදි ඉදිරිපස වැරෙන්ඩාවේ ගෙබිමට අල්ලා තිබුණි. එවකට මෙරට පාලනය කල සුදු ජාතිකයන්ට මෙල්ල කල නොහැකි පරිදි සබරගමුව පුරා සිය අණසක පතුරවා සිටියේය. ඔහු හමුවීමට පැමිණෙන සුදු ජාතික ඒජන්තවරුන් පැය ගණන් රස්තියාදු කර එයින් මහත් රසවින්දනයක් ලැබූ බව සදහන්‍ වේ.

මඩුවන්වෙල දිසාව හමුවීමට දිවාකාලයේ පැමිණෙන සුදු ජාතික ඒජන්තවරුන් හට මඩුවන්වෙල වලව්ව ඉදිරිපස පැය ගණන් රස්තියාදු කිරීම ඔහුගේ සිරිතකි. ඔහු දිවා ආහාරයද රැගෙන දෙපැයක් පමණ නිදාසිට නැගිටින තෙක් ආණ්ඩුකාරවරයා ගේ පණිවිඩය ලබා දීමට ඒජන්තවරුන් රැදීසිට ඇත. එසේ නැගිට ස්නානය කිරීමෙන් අනතුරුව යලි සලුපිලි හැද පැමිණෙන විට සිව් පැයක් පමණ ගතවී ඇත. ඉන් අනතුරුව ඒජන්තවරයා බෙහෙවින් උරණව සිටින අවස්තාවේ ඔහු පැමිණෙන අතර, අතවැසියෙකු හට පවසන්නේ ” මූ කාලාද බලපං. කාලා නැත්නම් කුස්සියේ බත් දංකුඩ ඉතිරිවෙලා තියේනම් මූට කරවල හොදි එක්ක මිරිස් හොදට දාලා ටිකක් ගෙනත් දීපං” යනුවෙනි. ඉන් අනතුරුව දාසියක විසින් ගෙනත් දෙන බත් එක දහදිය දමමින් කන ඒජන්තවරයා. ආ කාරණයද නොකියා පිටත්ව යන බව සදහන්‍ වේ.

තවත් කතා ඉදිරියේදී …

— ඉරෝෂ් හෙට්ටිගේ —

dimalstudiolk@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *