යශෝදරාවත අලුත් කියවීමක

මෙරට සිංහල බෞද්ධ සාහිත්‍යයේදී යශෝදරාවතට හිමිවන්නේ සුවිශේෂී තැනක්. සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු.

“රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං”

කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත.

බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත.

අප මේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ එම යශෝදරාවත ඇසුරින් රචිත අලුත්ම කවි පෙළ මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

සුන්දර ඇසල සද බබලන අහස මත
පිංබර දිනක මම අම්මා කෙනක් උන
පෙම්බර මගේ පන නල බදු සමිද ඔබ
වෙන් වී ගියේ ලෝවූ තුරු බව සොයන්නට

සංඛා සෝක තැවෙනා සිත දරාගෙන
සන්ද්‍ය වලා රත් පැහැ වන වෙලාවට
ඇතින් පෙනෙන හිම වන් පවු තලාවට
එන්නද සමිදුනේ ඉන්නා දිහාවට

සිතල සුළන් හිමවත් පවුවේ ඉදලා
ඇවිදින් රැදුනේ සමිදුගේ සිරිපා සිඹලා
සුපිපුණු සුවද මල් කැකුලක් බිම වැටිලා
බල බල හිටියේ සමිදුන් අද එයි කියලා

තෙද ඔද පතුරනා දඹදිවු කැත් කුලය
සිදුහත් නමින් දජ නංවා පැ බලය
ඉර හද පවා පරදන ඔබේ රු සිරිය
සිහි කර කරා මම ඉන්නේ එන තුරුය

දන්නා නමුත් හැර යන බව යම් දිනක
නැ නවතන්නේ ඔබ යන මග කිසි විටක
පිසදා කදුළු මදහස නගමින් නිබද
බල බල හිදිමි බුදු වී එන තුරුම අද

ශෝකය කදුළු සමිදුනි නවතා ලන්න
රාගය රුදුරු කෙලෙසුන් දුරු කර ලන්න
අසන සිතට සැනසුම සිසිලස දෙන්න
අම මහා නිවන් සැප ගෙන අද මෙහි එන්න

සුසිනිදු කසි සළු හැර දා මෙමා අද
හනසලු දරනවා සමිදුනි මැදුර මැද
ඔබ විදිනා දුකින් මට හිමි සැප කිමද
කය මැදුරේ නමුදු සිත ඔබ ලගය අද

යන විට වංක ගිරියට වෙසතුරු නිරිදු
මන්ද්‍රි දෙවි ආවා වනයට රුදුරු
සසරේ එනවිටදී අපි එලෙසින් නමුදු
තනිවම ගියේ ලබන ට මද පදවි බුදු

සව්‍සත එතෙර කරවන්නට සංසාරෙන්
දීපංකර මුනිදුගේ බුදු කරුණාවෙන්
මතකද හිමියනේ විවරණ ලැබූ වරේ
එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්

සසරෙහි හිමියනේ පාරමී පුරන විට
මතකද ඔබට දන් දුන්නා දෙවියව
කිසි වෙනසකින් තොරවම සිත සතුටුවන
බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම

සිදුහත් මහා බෝ සත් හිමි රජාණෙනි
රන්මිණි මුතු ද අගයක් නැහැ ස්වාමිනි
ඔබ සම්බුදුව පරදා මාරු දයාවෙනි
එතෙරට ගන්න මාවද ගිනි ගුහවෙනි

හැම සැප සපිරි සුදොවුන් පිය නිරිදු කුල
රාහුල පුතුන් සනසා වඩමින් උකුල
සිදුහත් අවත අරුතට ඉපදුනු මේකුල
බිම්බා දෙවි මම වෙමි පින් ගඟ උතුළ

දරන ලොවේ හැම යසසින් පිරි ගිය
හැම දෙන හදුනනා සිදුහත් පෙම්වතිය
බව රැහැනේ බැදුම් සිදිනා මදමතිය
මම වෙමි යසස් හිමි රාහුල මවුතුමිය

ගෞතම මිනිදුගේ සසුනේ වැඩහිදිමින්
මරු පරදවා අරහත් බල පතුරවමින්
හඩනා ශෝක මුල් හැම උදුරා දමමින්
බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්

දම් ගගන තලාවේ අමවරා පැතිරුනා
විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා
ලොවු තුර බුදුවරුන් පසසනා ගුණ දරා
පිරිනිවන් දුටුව මම කපිල පුර යශෝදරා

ගායනය :- නිපුනි හංසිකා ධර්මදාස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *